Monday, April 1, 2013

මාරුවට එරෙහිව තුන්දහසක් උද්ඝෝෂණයේ
2013 අපේ‍්‍රල් මස 01 15:18:04 | . , රොමේෂ් ධනුෂ්ක සිල්වා
සමස්ථ ලංකා  සෞඛ්‍ය සේවා  සංගමයේ සභාපති ටී.එච් සෝමරත්න මහතා කොළඹ ජාතික රෝහලේ සේවයෙන්  රාගම රෝහල වෙත මාරු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජෙනරාල් ගෙන ඇති පියවරට විරෝධය දක්වමින්  කොළඹ ජාතික රෝහලේ  තුන්දහසකට  ආසන්න  සුළු සේවකයෝ  අද (01)  දහවල් කාලයේ සිට රාජකාරියෙන් බැහැර වුහ.
 තමන් වෘත්තිය සමිති නායකයකු බැවින් ස්ථාන මාරු ලබා දිය නොහැකි  බවත් මෙම ගැටළුව  2010 වර්ෂයේ දී  ඇති වු නමුත් එය සෞඛ්‍ය බලධාරීන්  තාවකාලිකව හකුලා ගත්තද අද මෙලෙස ස්ථාන මාරු  ලිපියක් ලැබුණු බවත් සෝමරත්න මහතා කියයි. මෙම වර්ජනය හේතුවෙන්  ජාතික රෝහලේ ශල්‍යාගාර, සායන කටයුතු මෙන්ම බාහිර රෝගී අංශයේද  රාංකාරීවලයට බාධා එල්ල වී ඇතැයි සෝමරත්න මහතා පැවැසීය.


No comments:

Post a Comment