Tuesday, April 16, 2013


සාමිමලේ තේ වත්තේ ගිලන් රිය ප්‍රපාතයට

මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

මස්‌කෙළිය සාමිමලේ ස්‌ට්‍රැක්‌පී තේ වතුයායේ පදිංචි ගැබිනි කාන්තාවක්‌ මස්‌කෙළිය දිසා රෝහල වෙත භාරදී නැවත ධාවනය කරමින් තිබූ එම වතුයායට අයත් ගිලන් රථය සාමිමලේ "බාග්‍රෝ" ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක්‌ පමණ ප්‍රපාතයට පෙරළීමෙන් ගිලන් රථයේ රියෑදුරා ඇතුළු එහි ගමන් ගත් දෙදෙනෙක්‌ තුවාල ලබා මස්‌කෙළිය දිසා රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

පෙරේදා (14 දා) අලුයම 1.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවත් අධික වේගයෙන් ධාවනය කර ඇති ගිලන් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරට පත්වී ඇති බවත් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ පවත්වන මස්‌කෙළිය පොලිසිය පවසයි. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද පැවසේ.
 

No comments:

Post a Comment