Monday, April 15, 2013

දිවයිනේ බොහෝ පෙදෙස්වලට හවසට වැසි
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී අද  දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර ඇතැම් ස්ථානවල තරමක තද වැසි ද ඇති විය හැකි යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේ දී ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී, අප්‍රේල් 05 සිට 15 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ගමන් කරයි. අද දහවල් 12.11ට අලන්කේනි, පරන්තන් සහ නල්ලතන්නිතෝඩුවේ යන නගරවලට හිරු මුදුන්ව පවතී.

No comments:

Post a Comment