- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි
බස්නාහිර
පළාත තුළ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවල නියුතු වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන්
එක් අයෙක් ව්‍යාජ වෛද්‍යවරයකු බව කරන ලද සොයා බැලීමකදී හෙළිව ඇතැයි රජයේ
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන්
කළේය. මෙම ව්‍යාජ වෛද්‍යවරුන් දිවයින පුරාම විසිරී සිටින බැවින්
ඔවුන්ව වහාම අත්ඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන අතර ප්‍රසිද්ධ කිරීමටද
කටයුතු කරන බව වෛද්‍ය පාදෙනිය මහතා සඳහන් කළේය. මෙවැනි වෛද්‍යවරුන් බොහෝවිට
පිළිකා රෝගීන්ට හා දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කරන අතර
ඔවුන්ගෙන් විශාල ලෙස මුදල් ගසාකන බවටද තොරතුරු හෙළිව ඇතැයි සංගමය පෙන්වා
දේ. මෙම වංචනික පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සෞඛ්‍ය
අමාත්‍යංශය, හා පොලීසිය ඒකාබද්ධව විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයිද වෛද්‍ය
පාදෙනිය මහතා කීය. මේ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන බලගැන්වීම සඳහා අවශ්‍ය
කරන නිර්දේශ වහාම නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය
ලේකම්වරයා අමාත්‍යංශයේ නීති නිලධාරීන් වෙත දන්වා ඇත.
ශ්‍රියානි විජේසිංහ
No comments:
Post a Comment