පිළිකා රෝහලේ ඖෂධ නෑ - රෝගීන් අමාරුවේ
April 21, 2013 01:33 pm
මහරගම පිළිකා රෝහලේ සොලින්ද්‍රොනික් ඇසිඩ්, සිස්ප්ලැටින්, ෆොලිනික් ඇසිඩ්, ඇලුමිනියම් හයිඩ්‍රොසයිඩ්, ප්‍රොබන්තලීන් හා ඩෙරිපයිලින් නැමති අත්‍යවශ්‍ය ඖෂධ නැති වීමෙන් රෝගීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට මුහුණ පා සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රන්තප්‍රිය මහතා පවසයි.
එම ඖෂධ රෝගීන්ට ඒවා පිටතින් මිලදී ගන්නා ලෙසට රෝහල් බලධාරීන් උපදෙස් දෙන බව ඔහු සඳහන් කරයි.
එසේම ට්‍රෙචස්ටමි ටියුබ්, සී.වී.පී. ලයින්, නෙබුයිලිස් මාස්ක්, සිරින්ජර් 50 සී.සී, ඇතුළු ශෛල්‍ය උපකරණ කිහිපයක් හිඟ බව හෛතම කියයි.
මේ හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බව සමන් රත්නප්‍රිය මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අද දෙරණ මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න මහතාගෙන් විමසීමක් කළේය.
පිළිකා රෝහල තුළ කිසිදු ඖෂධ හිගයක් මේ වන විට නොපවතින බව ඔහු පැවසුවේය.
මීට පෙර යම් ඖෂධ හිඟයක් පැවතුණ ද මේ වන විට සියලු ඖෂධ සහ රෝහලට අවශ්‍ය උපකරණ සපයා ඇති බව වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න මහතා සඳහන් කළේය.
නමුත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රන්තප්‍රිය මහතා සඳහන් කළේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ අදාළ ප්‍රකාශය පිළිගත නොහැකි බවයි.
තමන් අනාවරණය කළ ඖෂධ එම රෝහලේ නැති බවත් වෛද්‍ය සැපයුම් අංශයෙන් ඒවා මෙතෙක් ලබාදී නැති බවත් ඔහු කියයි.
එසේම රෝහලට අවශ්‍ය ඖෂධ ලබාදීම එම රෝහලේ අභ්‍යන්තර ඔසු සැලෙන් සිදුවන නමුත් පෙර සඳහන් කළ ඖෂධ නැති බව එහි සිටින ඖෂධවේදීන් පැහැදිළිවම ලිඛිතව දන්වා ඇතැයි ද හෙතෙම කියයි.
No comments:
Post a Comment