Thursday, April 11, 2013

පිළිකා රෝහලම පිළිකාවක්‌!

අයඩින් පරීක්‍ෂණවලට 2016 වනතුරු ඉන්න වේ

අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 17 ක්‌ නැහැ
'බොරු නම් අස්‌වෙමි' -එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී කියයි

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

මහරගම පිළිකා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග දාහතක්‌ (17) නොමැති බවටත්, අයඩීන් පරීක්‍ෂණය සඳහා 2016 වසර දක්‌වා රෝගී පොරොත්තු ලේඛනයක්‌ ඇති බවටත් තමන් කරන ප්‍රකාශය වැරදි බවට ඔප්පු කළොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වන බවත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

තමන් කරන ප්‍රකාශය හරිද වැරැදිද යන්න පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂවරයාගෙන් තහවුරු කරගත හැකි බව මන්ත්‍රී ජයසේකර මහතා කීවේය.

ඖෂධ සංස්‌ථාව සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා පිළිතුරු දුන් අවස්‌ථාවේදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ සංවාදයේදී දයාසිරි ජයසේකර මහතා ඉහත ප්‍රකාශය කළේය.

තමන්ට මුණ ගැසුණු රෝගියකුට අයඩින් පරීක්‍ෂණය සඳහා දින ලබාදී තිබෙන්නේ 2016 මාර්තු මාසයේදී යෑයි කී මන්ත්‍රීවරයා පරීක්‍ෂණයක්‌ කර ගැනීම සඳහා රෝගියකුට එතරම් කාලයක්‌ බලා සිටිය නොහැකි බවද පැවසුවේය.

මන්ත්‍රීවරයා පවසන ආකාරයේ ඖෂධ හිඟයක්‌ නැතැයිද ඇතැම් අවස්‌ථාවලදී ඖෂධ සැපයීමේ ප්‍රමාදයක්‌ පවතින බවද සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා කීවේය.

පිළිකා රෝහලේ පරීක්‍ෂණ කටයුතු සඳහා වෙනම ගොඩනැඟිල්ලක්‌ ඉදිකරමින් සිටින බවද එනිසා දයාසිරි ජයසේකර මහතා ඉල්ලා අස්‌වීමේ අවශ්‍යතාවක්‌ නැතැයිද නියෝජ්‍ය ඇමැති දිසානායක මහතා කීවේය.

http://www.divaina.com/2013/04/11/news01.html

No comments:

Post a Comment