වකුගඩු රෝගයට හේතු වූ පලිබෝධ 3කට ආනයන තහනමක්
- Published on Sunday, 07 April 2013 13:00
ඒ අනුව ක්ලෝෆයිරෆෝස්, ප්‍රොපනිල් සහ කාබරිල් යන පලිබෝධනාශක වර්ග තහනම් කිරීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ක්ලෝෆයිරෆෝස් යනු ශ‍්‍රී ලංකාවේ වැඩිපුරම භාවිත වන කෘමිනාශකය වන අතර, ප්‍රොපනිල් යනු මෙරට වැඩිම වශයෙන් භාවිත වන වල්නාශක අතර දෙවැන්නයි. කාබරිල් යනු තවත් කෘමිනාශකයක් වන බව ද අමාත්‍යවයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ පලිබෝධනාශක තාක්ෂණ කමිටුව විසින් ගෙන ඇති තීරණයට අනුව පියවර ගත් බව අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ය.
(සුනෙත් ගාල්ලගේ-ගාල්ල)
No comments:
Post a Comment