Sunday, April 21, 2013

2013 මුල් මාස හතරේ ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක්
රෂිනි මෙන්ඩිස්




පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ මුල් මාස හතරේ ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට හැකිය. ගිය      වසරේ මේ මස වන විට රෝගීන් 312ක් වාර්තා වුණු අතර මේ වසරේදී රෝගීන් 370ක් දක්වා එය වර්ධනය වී           ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

දෙසැම්බර් මාසයේදී සිදුවන කාලගුණික වෙනස්කම් නිසා වසරේ මුල් මාස කිහිපයේදී ඩෙංගු රෝගය උත්සන්න       වන බවත්, වර්ෂාව වැඩි වන කාලවලදී පරිසරයේ ඩෙංගු රෝගය පැතිරීමට ඉඩකඩ වැඩිවීමද මීට හේතුවක් බව           ඒ මහතා කීවේය.
2013-04-21

No comments:

Post a Comment