Tuesday, April 23, 2013

මී උණ


මී උණ යනු ශ්‍රී ලංකාවට ආවේණික වූ සත්වාසාදන රෝගයකි. අප සතු අතීත අත්දැකීම් හා දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මය හා සම්බන්ධ වූවක් බවයි. එබැවින් කුඹුරු අවට ප්‍රදේශය පිරිසිදුව තබා ගන්නා ලෙසත්, වගාවට පෙර පවතින ජලය බැස යැවීමට වග බලා ගත යුතු බවටත් නියර පටුව හා මීගුල් වලින් තොරව තබා ගැනීමටත් වී වගාවේ යෙදී සිටින්නන් උපදෙස් දෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ මෙම රෝගය බෝවීමට වඩාත්ම සුලබ වාහකයා මීයා වන බැවින් මීගුල් විනාශ කිරීම හා කුඹුරු අවටින් මීයන් තුරන් තුරන් කර දැමීම යෝග්‍ය වේ. එමෙන්ම උණ. හිසරදය හා මස්පිඩුවල වේදනාව යන රෝග ලක්ෂණ ඇති වී වගාවේ යෙදෙන පුද්ගලයන්‍වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ. ඔබගේ ප්‍රදේශයෙව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගෙන් (MOH) හා මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

No comments:

Post a Comment