හම්බන්තොටට නව රෝහලක්
April 29, 2013 01:25 pm
හම්බන්තොට ප්‍රදේශයේ නව මහරෝහලක් ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.
නෙදර්ලන්තයේ ආධාර මත ඉදිකෙරෙන මෙම රෝහල සඳහා රුපියල් කෝටි 700 ක මුදලක් වැයකිරීමට නියමිතය.
ඇඳන් 850 ක් සහ නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත වන පරිදි රෝහලේ ඉදිකිරිම් කටයුතු ලබන මාසයේ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
කථානායක චමල් රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය විණි.
No comments:
Post a Comment