Sunday, April 7, 2013

ලෝක සෞඛ්‍ය දිනය අද

ඒමන්ති මාරඹේ

ලෝක සෞඛ්‍ය දිනය අදට (07 දා) යෙදී තිබේ. ශ්‍රී ලංකාවට මෙන් ලොව පුරා වෙසෙන ජනතාවට ගැටලුවක්‌ව පවතින අධි රුධිර පීඩනය වළක්‌වාගැනීම මෙවර ලෝක සෞඛ්‍ය දිනයෙහි තේමාව වී තිබේ.

ලොව පුරා මිලියන 36 ක්‌ අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව වාර්තා වී ඇති අතර මිලියන 9.4 ක්‌ වාර්ෂිකව එම රෝගී තත්ත්වය මත මියයන බව අනාවරණය වී තිබේ. ලුණු භාවිතය අඩු කිරීම, මත්පැන් පානය හා දුම්පානයෙන් වැළකී සිටීම, ක්‍රියාශීලී දිවි පෙවෙතකට හුරුවීම හා සමබර ආහාර වේලක්‌ ලබාගැනීම යන ක්‍රියාමාර්ගයන් හරහා අධි රුධිර පීඩනයට ගොදුරුවීම වළක්‌වාගත හැකි බව වෛද්‍ය මතය වී තිබේ.

දකුණු ආසියාතික කලාපය තුළ සෑම පුද්ගලයන් 3 දෙනකුගෙන්ම එක්‌ අයකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති අතර අධි රුධිර පීඩනයට ගොදුරුවීම, හෘද රෝග, ආඝාතය (ස්‌ට්‍රොaaක්‌) වැනි රෝගවලට මඟපාදන බව වෛද්‍යවරු පවසති.

මෙරට සිදුකරන ලද සෞඛ්‍ය සමීක්‍ෂණවලදී ජනගහනයෙන් සියයට 20 ත් 25 ත් අතර සංඛ්‍යාවක්‌ අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ.

http://www.divaina.com/2013/04/07/news06.html

No comments:

Post a Comment