ලියාපදිංචි වෛද්‍යවරු
අකුරට වැඩ
සමන් ගමගේ
වෛද්‍යවරුන්ට සන්නිවේදන දීමනා ලබාදීමේදී සෞඛ්‍ය
අමාත්‍යාංශය හිතාමතා තමන්ව නොසලකා හැර ඇතැයි පවසමින් රජයේ
ලියාපදිංචි වෛද්‍යවරුන් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ
කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හමුවේ රට පුරා ඇති දිසා
රෝහල්, පර්යන්ත හා ග්‍රාමීය රෝහල්වල අර්බුද රැසක් ඇති වී
තිබේ
මුදල් අමාත්‍යාංශය මගින් 2010.09.01 නිකුත් කළ සන්නිවේදන
දීමනා සඳහා වූ අංක 446 දරණ චක්‍රලේඛය අනුව සෞඛ්‍ය
අමාත්‍යාංශය යටතේ සිටින වෛද්‍යවරුන් ප්‍රධාන බොහෝ
නිලධාරීන්ට සන්නිවේදන දීමනා ලබා දීමට කටයුතු කර ඇතත් තමන්
නොසලකා හැර ඇතැයි රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීහු චෝදනා
කරති.
ඉකුත් 08 වැනිදා රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් ආරම්භ කළ මෙම
වෘත්තීය ක්‍රියාමාර්ගය 16 වැනි දිනටත් ඊයේ (23 දා) දවස
පුරා ක්‍රියාත්මක කෙරිණි. මේ හේතුවෙන් රෝහල් කටයුතු අඩාල
වීම නිසා ඉකුත් අලුත් අවුරුදු දිනවල මැණික්හින්න රෝහලේ
ගැබිනි මාතාවක් ඇතුළු රෝගීන් මිය යැමේ සිද්ධි කිහිපයක් ද
වාර්තා විය.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂවරියගෙන් කළ විමසීමකදී මැණික්හින්න රෝහලේ ගැටලු
පැවැති බව ද ඇය සඳහන් කළාය
No comments:
Post a Comment