අනුරාධපුර රෝහලේ සංකේත වැඩවර්ජනය අඛණ්ඩව දිගහැරෙයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද හෙදියන් පිරිසක් අද පෙරවරුවේ ආරම්භ කළ සංකේත
වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.
මේ හේතුවෙන් රෝහලේ කටයුතු වලට බාධා පැමිණ ඇති අතර රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටි බව අද දෙරණ වාර්කාකරු සඳහන් කරයි.
අනුරාධපුර ශික්ෂණ රොහලේ ශල්‍යාගාරයක සේවය කළ හෙදියන් දෙදෙනෙකු වෙනත් අංශයකට මාරු කිරීමට විරෝධය පළ කරමින් මෙසේ වර්ජනයේ නිරත වන බව සඳහන්ය.
පැනනැගී ඇති ගැටලුව, රෝහල් පාලන අධිකාරිය සමග සාකච්ජා මාර්ගයෙන් විසඳා ගැනීමට අද (23) දහවල් උත්සාහ කළ නමුත් රෝහල් අධ්‍යක්ෂකවරයා රාජකාරී කටයුත්තක් සඳහා රෝහලෙන් බැහැරව ගොස් සිටිම හේතුවෙන් එම උත්සාහය අසාර්ථක වී තිබේ.
මේ හේතුවෙන් සංකේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් ලෙස පවත්වා ගෙන යාමට වැඩවර්ජනයේ නිරත හෙද හෙදියන් තීරණය කර ඇති බව කියැවෙයි.

No comments:
Post a Comment