Wednesday, April 24, 2013

පිළිකා රෝහලේ ඔසු පිළිකාව ඔඩු දුවයිද? - ඇත්ත කියන්නේ කවුද?

April 24, 2013  09:52 am
Bookmark and Share
මහරගම පිළිකා රෝහලේ කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

රෝගීන්ට ලබාදෙන ඖෂධ හිඟයක් සහ වෛද්‍ය උපකරණ හිඟයක් ඇති බව පවසමින් ඇතැම් පිරිස් ජනතාව මුලා කිරීමට උත්සාහ ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය, රෝහල් බලධාරීන් මෙන්ම, ඖෂධ සැපයීමේ අංශ සමඟ කරන ලද විමර්ශනයක දී, මේ වන විටත් මහරගම පිළිකා රෝහලේ කිසිදු ඖෂධ හිඟයක් හෝ වෛද්‍ය උපකරණ හිඟයක් නොමැති බව අනාවරණය වී ඇති බව එම අමාත්‍යංශය පෙන්වාදෙයි.

කෙසේ වෙතත් මහරගම පිළිකා රෝහලේ සොලින්ද්‍රොනික් ඇසිඩ්, සිස්ප්ලැටින්, ෆොලිනික් ඇසිඩ්, ඇලුමිනියම් හයිඩ්‍රොසයිඩ්, ප්‍රොබන්තලීන් හා ඩෙරිපයිලින් නැමති අත්‍යවශ්‍ය ඖෂධ හා ‍ශල්‍ය උපකරණ නැති වීමෙන් රෝගීන් මේවන විට දැඩි දුෂ්කරතාවයට මුහුණ පා සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රන්තප්‍රිය මහතා පසුගියදා පැවසීය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමේ දී එහි ඇතැම් රෝගින්ගේ ඥාතීන්ද පැවසුවේ පිළිකා රෝහලේ රෝගීන්ට ලබාදීමට ඇතැම් ඖෂධ පිටතින් රැගෙන එන ලෙස රෝහල් බලධාරීන් ඉල්ලා සිටින බවයි.

No comments:

Post a Comment