ක්‍රි.ව. 2013ක් වූ අප්‍රේල් මස 14 වැනි රවි
දිනට පහන්වන්න පූර්ව භාග 01.29ට සිංහල අලුත් අවුරුදු උදාව සිදුවේ. මකර
ලග්නයත් රවි ග්‍රහයාට හිමි කැති නැකැතේ 4 වැනි පාදයත් ඒ වන විට නැඟෙනහිර
සිතිජයේ සටහන් වනු ඇත. ආයුෂ්මන් නමැති යෝගයත් වාණිජකරණයත් "ධූම" නම්
අනන්දාදී අටවිසි යෝග බලයත් රැගෙන උදාවන නව වසර ශ්‍රී ලාංකේය ජනතාවගේ සිතුම්
පැතුම්වල විකල පරිවර්තනයක් සිදුකරනු ලබන වසරකි. විෂ්ණු විංශතියට අයත් ශිව
සුබ පඤ්චාබ්දයෙහි දෙවැනි පරිවත්සර භේද නාමධාරි, "අර්ක" දේවතාධිපති "විජය"
නම් සංවත්සරයට සමගාමීව උදාවන මෙම නව වසර වන්නේ ශක වර්ෂ 1935ටය. "රුචක" සහ
"සස" යෝග දෙකට අමතරව උභයචාර, ගජකේශරී, අනඵා, කාහල, චාමර, මෘදංග, පරිජාත යෝග
සමඟ ඉතා බලවත් රාජ යෝග රැසක බලයක් අවුරුදු සමයේ උපත ලබන දරු දැරියන්ගේ
කේන්දරවල පිහිටනු ඇත. |
No comments:
Post a Comment