Sunday, April 21, 2013


කැස්‌සට දෙන ඖෂධ 4ක්‌ පෞද්ගලික
ඔසු සල්වල විකිණීම තහනම්

උපාලි ද සේරම්

කැස්‌ස සඳහා භාවිත කරන ඖෂධ වර්ග හතරක්‌ පෞද්ගලික ඖෂධ සල්වල අලෙවිකිරීම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

එසේ අලෙවි කිරීම තහනම් ඖෂධ වර්ග වනුයේ කොඩේන් (Codeine) ඩෙක්‌ස්‌ට්‍රොමෙතපොන් (Dextromethorphan) පොල්කොඩේන් (Pholodeine) සහ ඩීහයිෙඩ්‍රාකොඩේන් (Dihydrocodeine) අඩංගු පෙති සහ සිරප් වර්ගය.

මෙම ඖෂධ වර්ග අලෙවි කළ හැක්‌කේ රාජ්‍ය ඔසුසල්වලින් පමණි. වෛද්‍ය නිර්දේශ මත එම ඖෂධ රාජ්‍ය ඔසුසල් මගින් අලෙවි කරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් 18 වැනිදා පැවැති විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ විලවුන් උපකරණ හා ඖෂධ තාක්‍ෂණික උපදේශක කමිටුව විසින් ගත් නිර්දේශමතය.

එසේම දැනට වෙළෙඳපොළෙහි ඇති එපිඩි්‍රන් (Ephedrine) හෝ පිසියුඩොයඩිනි (Pseudoephedrine) අඩංගු පෙති වර්ග හා සිරප් වර්ග දැනට තිබෙන තොග අවසන් වන තෙක්‌ පමණක්‌ අලෙවි කිරීම සඳහා මාස 03 ක සහන කාලයක්‌ ලබාදීමටද තීරණය කර ඇත. ඉන්පසු එම ඖෂධ අලෙවි කරන ඖෂධ අලෙවි සල්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

එසේම කැස්‌ස නැවැත්වීමට (Antitussive) සහ සෙම සහිත කැස්‌ස ඇතිවීමට සෙම ඉවත් කිරීමට (Expectorant) හේතුවන ඖෂධ ඒකාබද්ධ කර නිපදවන ඖෂධ, ප්‍රතිහිස්‌ටැමින් සහ ප්‍රතිකොලින්ගරික්‌ නොවන සංයෝජන, නිර්වේදනික (Analgesic) අඩංගු සංයෝජන, අතුරු ආබාධ සංයෝජන, අතුරු ආබාධ සඳහා හේතුවන ක්‍රියාකාරි ද්‍රව්‍ය සහිත සංයෝජන සහ නිෂ්පාදන, කැෆේන් වැනි උත්තේජක අඩංගු සංයෝජන, කැෆේන් වලට වඩා බලපෑම් සහිත Epehedrine" Pseudoephedime" Pheny propanolamine අඩංගු සංයෝජන, Epehedrine fyda Pseudophedime සහ කැෆේන් අඩංගු සංයෝජන මෙන්ම සංයෝජන ද්‍රව්‍ය 04 ක්‌ හෝ ඊට වඩා අඩංගු කර කැස්‌ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා නිපදවන නිෂ්පාදන ලියාපදිපංචි කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීමට ජාතික ඖෂධ අධිකාරිය තීරණය කර ඇත.

එමෙන්ම Dextromethorphan අඩංගු ආනයනික නිෂ්පාදන සහ බලපත්‍ර වහාම ක්‍රියාත්මකවන පරිදි විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂවරයාගේ යටතට පවරා ගැනීමට තීරණය කර තිබේ. ඒ යටතේම ලියාපදිංචි සහතික සහ මෙරටට ආනයනය කිරීමේ බලපත්‍ර ඉහත දැක්‌වූ ඖෂධ සංයෝජන යටතේ ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂවරයාගේ යටතට පවරාගැනීමට තීරණය කළ බව විලවුන් උපකරණ හා ඖෂධ සංයෝජන යටතේ ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂවරයාගේ යටතට පවරාගැනීමට තීරණය කළ බව විලවුන් උකරණ හා ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

No comments:

Post a Comment