මව්බිම දැන්
ඉහළ ගිය විදුලි බිලට එරෙහිව වෘත්තීය සමිති 50ක් සටනට |
ශිවන්ති ප්‍රනාන්දු විදුලි ගාස්තු ඉහළ දැමීම අහෝසි නොකළහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයන් සඳහා එළැඹීමට විදුලි බිල ඉහළ දැමීමට එරෙහි මහජන ව්‍යාපාරයේ වෘත්තීය සමිති 50කට අධික සංඛ්‍යාවක් සූදානම් වී ඇත. එම ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසුවේ රටේ ජනතාවගේ බඩට ගැසූ විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය පරාජය කරන තුරු අඛණ්ඩව සිය විරෝධතා ක්‍රියාමාර්ග පවත්වාගෙන යන බවත්ය. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය විරෝධතා වැඩසටහන් ආරම්භ කළ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව මහජන ව්‍යාපාරය එළැඹෙන මැයි 9 වැනිදා වනතුරු දීපව්‍යාප්තව පත්‍රිකා බෙදීමේ, පෝස්ටර් ඇලවීමේ සහ ස්ටිකර් ඇලවීමේ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මැයි 9 වැනිදා දැවැන්ත උද්ඝෝෂණ පා ගමනක් කොළඹ කොටුවේ සිට හයිඩ් පිටිය දක්වා පැවැත්වේ. මෙකී ක්‍රියාමාර්ගයන් ඉදිරියේදීද ආණ්ඩුව නෑසූ කන්ව සිටියහොත් වෘත්තීය ක්‍රියාමාර්ග සහ විරෝධතාවලට එළැඹීමට සිය ව්‍යාපාරයේ වෘත්තීය සංගම් අතරින් යෝජනා ගෙන එන බවත් බහුතරයක් එම යෝජනාව හා එකඟ බවත් සමන් රත්නප්‍රිය මහතා කීවේය. රත්නප්‍රිය මහතා පවසන පරිදි අදාළ වෘත්තීය සමිති වෘත්තීය විරෝධතාවන් ක්‍රියාත්මක කළහොත් සෞඛ්‍ය, බැංකු, ගුරු, තැපැල්, පරිසර, විදුලි, බස්, නීතිඥ, මහජන සෞඛ්‍ය පරීක්ෂක හා විශ්වවිද්‍යාල ආචාර්ය, ශිෂ්‍ය යන සෑම ක්ෂේත්රයකම මෙන්ම ආයතනයකම ගැටුම්කාරී තත්ත්වයන් උද්ගත විය හැකිය. විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරයට ආණ්ඩුවේ පක්ෂ වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සම සමාජ පක්ෂයේ වෘත්තීය සමිතිවලද සහාය ලැබෙන බව එම සංගම්වල ප්‍රකාශකයෝ පැවැසූහ. |
No comments:
Post a Comment