ගුණාත්මක නින්දක් ලබන දරුවන්ට ඉහළ විභාග ප්‍රතිඵල
ළමා
ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය අදහස් දක්වයි නින්ද පිළිබඳව
පර්යේෂණ පැවැත් වූ ඇමෙරිකාවේ මෙයෝ ක්ලීනික් ආයතනයේ මහාචාර්ය සුරේෂ් කොටගල
මහතා සිය පර්යේෂණයක් මගින් තහවුරු කර ඇත්තේ අවුරුදු 10-18 ත් වයසේ පසුවන
පාසල් දරුවන්ට
ෙදෙනිකව පැය 8 1/2 ක පමණ කාලයක් රාත්‍රී නින්ද ලැබෙන්නේ නම් ඒ අයගේ විභාග
ප්‍රතිඵල ඉහළ දැමිය හැකිවා මෙන්ම ඔවුහු නිර්මාණශීලී හැකියාවන්ගෙන් හෙබි
දරුවන් පිරිසක් වන බවය. මේ අනුව ළමුන් විභාග ළංවෙත්ම නිදිමරා පාඩම්
කිරීමෙන් විභාග ප්‍රතිඵල ඉතාමත් පහළ අගයක් කරා ළඟාවන බවද ඔහු පෙන්වා දී
තිබේ. නින්ද පිළිබඳව කතා කිරීමේදී ලෝකයේ දළ වශයෙන් සියයට 25-30 ට විවිධ
ගැටලු මතුවේ. මෙසේ ගැටලු මතුවන පුද්ගලයකුට නින්ද නොයෑමේ තත්ත්වයන් ඇතිකරවන
යම් අවදානම් තත්ත්වයක් තිබේ නම් එය සියයට 70-80 දක්වා ඉහළ අගයක් ගනු ඇත. අප
මුලින්ම අලුත උපන් දරුවකුගේ නින්ද පිළිබඳව සොයා බලමු. අලුත උපන් කුඩා
දරුවෙකු දිනකට පැය 18 ක් තරම්වත් කොටස් වශයෙන් නිදාගනී. දරුවාට අවුරුද්ද
සම්පූර්ණ වන විට දරුවා දහවල් හා රාත්‍රී කාලයේ පමණක් නිදා ගනී. රාත්‍රී
කාලයේ පැය 8-8 1/2 ක් නිදා ගනී. වයස අවුරුදු 3-4 වනවිට දහවල් නින්ද සුළු
වශයෙන් පවත්වාගෙන යන අතර රාත්‍රී නින්ද හොඳින් ලබා ගනී. දරුවා පාසල් යන විට
දහවල් නින්ද අතහැර රාත්‍රී නින්දට පමණක් සීමා වේ. මෙසේ පාසල් යන අවුරුදු
10-18 ක් වයසේ පසුවන දරුවන්ට ෙදෙනිකව රාත්‍රී කාලයේදී පැය 8 ක් හෝ 8 1/2
නින්ද අත්‍යවශ්‍ය වේ. එම දරුවන්ට එම කාලසීමාව තුළ සුවබර නින්දක් ලැබෙන්නේද
යන්න පිළිබඳව වැඩිහිටියන් අවධානයෙන් සිටිය යුතුය.
දරුවා නිදා ගැනීම සඳහා තම කාමරයට ගියද එම දරුවා ඇත්තටම නිදා ගන්නේද ය න්න පිළිබඳව අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුය.
පසුගිය දශක දෙක තුන තුළ දරුවාගේ නින්දට බාධා කරන මෙවලම් කීපයක්ම නිදන කාමරයට රිංගා තිබේ. ඒවා නම් රූපවාහිනිය, ලැප්ටොප් ඇතුළු පරිගණක සහ එස්.එම්.එස් යවන ජංගම දුරකථන ආදියයි. දරුවාගේ සනීපදායි නින්දකට මෙම මෙවලම් සෘජු බලපෑමක් එල්ල කරමින් සිටී.
තවද දරුවෙකුට ගුණාත්මක නින්දක් සඳහා නිදන කාමරය මනාව සැකසිය යුතුය.
කාමරයේ උෂ්ණත්වය වාතාශ්‍රය පිරිසිදුකම, නිදන පසුබිම, දරුවාට ඇදුම රෝගය ඇද්ද යන වග මදුරුවන් වැනි කෘමි සතුන්ගෙන් සිදුවන බාධා වැනි හේතුන්ගෙන් තොරවීම වැදගත්ය.
ගුණාත්මක නින්දක් ප්‍රධාන කොටස් 2කින් සමන්විතය.
1. සිහින දකින නින්ද අජ්ර් ඉතඥඥන
2. සිහින නොදකින නින්දව්අජ්ර් ඉතඥඥන
දරුවෙකුගේ නින්දෙන් සියයට 25 ක්ම සිහින දකින නින්දට අයත් වේ. මතක තබා ගැනීම අජ්ර් මෙම සිහින දකින නින්ද තුළ රදා පවතී.
විෂය බාහිර කරුණු ගණිත ගැටලු, නිර්මාණශීලී හැකියාවන් වර්ධනය වන්නේ සිහින නොදකින නින්ද තුළයි.
දරුවෙකුට ගුණාත්මක නින්දක් ලැබෙනුයේ, නින්දට යන දරුවා විනාඩි 60 ක් යන තෙක් සිහින නොදකින නින්දකට ඇතුළු වේ. ඉන් අනතුරුව ටික වේලාවක් සිහින දකින නින්දකට කෙටි වෙලාවක් අවතීර්ණ වේ. යළිත් සිහින නොදකින නින්දට දරුවා ඇතුළු වේ. නින්දේ අගභාගයේදී එනම් එළිවෙන වේලාව වෙත්ම සිහින දකින නින්ද වැඩි වේ.
මෙලෙස දරුවෙකුට නින්ද ගුණාත්මක අන්දමින් ලැබෙන්නේ නම් එම දරුවාගේ මතක ශක්තිය වර්ධනය වනවා මෙන්ම නිර්මාණශීලී හැකියාවන්, ගණිත ගැටලු විසඳීමේ පහසුව ඇති වේ.
ගුණාත්මක නින්දක් නොලැබුණ දරුවෙකුගේ අධ්‍යාපන කුසලතා හීන වේ. රාත්‍රියට සුව නින්දක් නොලැබෙන දරුවන්ට දහවල් කාලයේදී නිදිමත ඇති වීම හේතුවෙන් අධ්‍යාපන කටයුතුවල ක්‍රමානුකූලව නියැලීමට නොහැකි වේ.
නින්දට බාධා ඇති කරන මෙවලම් සමග දරුවා රාත්‍රී 12.00 පසුවන තෙක් ගත කිරීම, නිවසේ සිට දුර බැහැර පාසල්වල්වල යන දරුවන් පාන්දර අවදි වීම වැනි හේතු සාධකද ගුණාත්මක නින්දකට බාධා ඇති කරවයි.
මෙසේ ගුණාත්මක නින්දක් නොලබන දරුවන් තුළින් නොසන්සුන්කම අධික්‍රියාකාරිත්වය කලහකාරීභාවය ඵලදායීතාව අඩු වීමටද හේතුවක් වේ. පුද්ගලයෙකුගේ නින්ද ඵලදායීතාවය අඩුවීම කෙරෙහි කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට ඕස්ට්‍රේලියාවේ පර්යේෂණයක් කර ඇත. එහිදී සොයාගෙන ඇත්තේ කාර්යාලවල සේවය කරන වැඩිහිටියන් ගුණාත්මක නින්දක් නොලැබිම හේතුවෙන් වසරකට ඩොලර් බිලියන 150 ක පාඩුවක් රටේ ආර්ථිකයට සිදුවන බවයි.
අප රටේ දරුවන්ගේ නින්ද පිළිබඳව මේ වන විටත් නිසි අවධානය යොමු වී නැහැ. ඒ අනුව ඉදිරියේදී දරුවන්ගේ නින්ද පිළිබඳව පුළුල්
පරීක්ෂණයක් මෙරට තුළ ක්‍රියාත්මක කෙරේ. විවිධ ආබාධවලින් පෙළෙන දරුවන්ට ගුණාත්මක නින්දක් නොලැබේ. නින්දෙන් ඇවිදීම, දරුණු හීන පෙනීම, වැනි රෝගී තත්ත්වයන් ඇතිවීම ආබාධිත දරුවන්ගෙන් සියයට 25-30 ත් අතර ප්‍රතිශතයකට පමණි. මේ සඳහා අවශය ප්‍රතිකාර ලබා දීමෙන් එවැනි දරුවන්ගෙන් සියයට 80 කට ගුණාත්මක නින්දක් ලබා ගැනීමට අවකාශ උදාවේ.
පුද්ගලයෙකුට ගුණාත්මක නින්දක් ලබාගැනීමට නම් මොළයේ
නිෂ්පාදනය වන “මෙලොටෙනික්” නැමැති රසායනය ස්‍රාවය විය යුතුයි. එම රසායන ස්‍රාවය නොවීම හේතුවෙන් නිදිමත අඩුවේ හෝ නැතිව යයි. මෙලොටෙනික් ස්‍රාවය නොවන දරුවන් තෝරා බේරා ගෙන ඔවුන්ට මෙම ඖෂධය ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.

ශ්‍රියානි විජේසිංහ
No comments:
Post a Comment