මව්බිම දැන්
සතියකට ඩෙංගු රෝගීන් පන්සියයකට වැඩි පිරිසක් ගැන වාර්තා වෙනවා |
පල්ලේපොළ - නිමල් වල්පිට සතියකට ඩෙංගු රෝගීන් පන්සියයකට වැඩි පිරිසක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. මේ වසරේ ඊයේ (24දා) දක්වා ඩෙංගු රෝගීන් දස දහසකට වැඩි සංඛ්‍යාවක් හමු වී ඇති බවද අමාත්‍යංශය කියයි. මෝසම් වැසි ආරම්භයත් සමඟ සතියකට රෝගීන් පන්සියයකට වැඩි ගණනක් වාර්තාවීම ඉකුත් වසරවලදී රෝගීන් වාර්තාවීම කෙරෙහි කළ නිරීක්ෂණවලදී අනාවරණය වී ඇති බැවින් තමන් පදිංචි නිවෙස, පරිශ්‍රය, පරිසරය ජලය රැඳෙන භාජනවලින් තොර ප්‍රදේශයක් ලෙස පිරිසුදුව තබාගැනීමට උනන්දු විය යුතු බවද අවධාරණය කරයි. කොළඹ, මහනුවර, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, රත්නපුරය දිස්ත්‍රික්කවලින් මේ වසරේ ඊයේ දක්වා වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත. ඉදිරි මෝසම් වැසිත් සමඟ ඩෙංගු රෝගය පැතිරයෑමේ දැඩි අවදානමක් ඇති බැවින් පරිසරය පිරිසුදුව තබා ගැනීමට ජනතාව උනන්දු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය අවධාරණය කරයි. ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යෑමත් සමඟ රෝහල්වල රෝගී තදබදයද ඉහළ යෑමෙන් සත්කාර සේවාවන්වලදී රෝහල් කාර්ය මණ්ඩලයද දැඩි අපහසුතාවටද පත්වන බැවින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසුදුව තබාගැනීමට උනන්දු විය යුතු බවද පෙන්වා දෙයි. පළාත් පාලන ආයතනවලින් එක්රැස් කර බැහැර කෙරෙන කැළිකසළ විධිමත් ලෙස බැහැර නොකිරීමද ඩෙංගු මදුරුවන් බෝවීමට දැඩි ලෙස බලපා ඇති බවද පැවැසේ. නොසැලකිල්ල නිසා ඩෙංගු රෝගයට බිලිවීමෙන් ජීවිත අහිමිවීමත් රෝගීන්ගේ වාර්තාවීම රෝහල් පද්ධතියට දරාගත නොහැකි ලෙස ඉහළ යෑමෙන් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වීමේ අවදානම බැහැර කළ නොහැකි යැයිද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.ඉදිරි මෝසම් වැසිත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇති බවද අනතුරු අඟවයි. |
No comments:
Post a Comment