මුහුදු මට්ටම ඉහළ යෑමෙන් කොළඹ, ගාල්ල හා උතුර යට වීමේ අවදානමක් |
රෂිනි මෙන්ඩිස් මුහුදු මට්ටම මීටරයකින් ඉහළ යෑම නිසා කොළඹ, ගාල්ල වරාය, ගාලු පාර හා එම දුම්රිය මාර්ගය මෙන්ම උතුරු හා උතුරු මුහුදු කලාපයේ ඇති කුඩා දූපත් සමූහය 2100 වසර වන විට ජලයෙන් යටවී අතුරුදන්වීමේ අවදානමක් මතුවී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. පරිසර අමාත්‍යංශයේ තාක්ෂණික උපදේශක විවෘත විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ඩබ්ලිව්.එල්. සුමතිපාල මහතා පවසන අන්දමට මාලදිවයින් දූපත් ජලයෙන් යටවීමේ අවදානමකට ලක්වී ඇති අයුරින් උතුරේ දූපත්ද ජලයෙන් යටවී අතුරුදන්වීමේ අවදානමක් පවතින හෙයින් එය වැළැක්වීමට කඩිනම් පියවර ගතයුතු බවයි. මේ වෙනුවෙන් දැන් සිටම දැඩි ලෙස සූදානම් විය යුතු බව පවසන ඒ මහතා ඒ සඳහා තාක්ෂණය, දැනුම්වත් කිරීම් හා දූපත්වල ජීවත්වන ජනයා නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආයෝජනයන් සිදුකළ යුතු බවද අවධාරණය කරයි. මුහුදු ජල මට්ටම ඉහළ යෑම නිසා ලොව රටවල් අතරින් මාලදිවයින් දූපත් සමූහයට විශාල බලපෑමක් ඇතිවන අතර ඒ හා සමානව බලපෑමක් ශ්‍රී ලංකාවේ උතුරු දූපත්වලට හා සමහර වෙරළාශි‍්‍රත ප්‍රදේශවලට බලපෑමක් ඇතිවන අතර 2100 වසර වන විට මුහුදු මට්ටම මීටර 1කින් ඉහළ යෑමේ අවදානම පිළිබඳ මේ වනවිට පරීක්ෂණ පවත්වන බවද ඒ මහතා සඳහන් කළේය. මුහුදු මට්ටම ඉහළ යෑම වගේම ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමක් පිළිබඳවත් සැලකිය යුතු අතරම ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවත් එය මිනිස් වර්ගයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවරක් බවත් ඒ මහතා පැවැසීය. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම හා මුහුදු මට්ටම ඉහළ යෑම එකිනෙක බැඳී පවතින දෙයක් වන බවද සුමතිපාල මහතා පවසන අතර ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ මතුවී ඇති සැබෑ තත්ත්වයට ලංකාව තවමත් සූදානම් නැති බවද පවසයි. උතුරු - නැඟෙනහිර වෙරළාශි‍්‍රත සමහර ප්‍රදේශ ඉතා ඉක්මනින් මුහුදු ජලයෙන් යටවීමේ අවදානමට මුහුණ දෙන බවත් මේ ගැටලුවලට ප්‍රතිපත්තිමය විසඳුම් ලබාදීමේදී ජනතා ආරක්ෂාව පළමුව සැලකිය යුතු බවත් මහාචාර්යවරයා අවධාරණය කරයි. මේ ගැටලුවලට මුහුණදීම සඳහා ඔහු යෝජනා කරන්නේ නව ඉදිකිරීමේ තාක්ෂණික ක්‍රම භාවිත කිරීම හා වෙරළාශි‍්‍රත නව ඉදිකිරීම් පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී පොදු ප්‍රවාහන මහාමාර්ග, දුම්රිය මාර්ග, ගොඩනැඟිලි වෙරළ ප්‍රදේශ මඟහැර රටේ ස්ථාපිත කළ යුතු බව මහාචාර්ය ඩබ්ලිව්.ඒ. සුමතිපාල මහතා වැඩිදුරටත් අවධාරණය කරයි. |
Sunday, April 7, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment