ලොකු පවුල්වලට 25,000ක් දීම වෙසක් සතියෙන් ඇරඹේ
2013 අප්‍රේල් 11 06:50 p.m
දරුවන්
පස් දෙනෙකු හෝ ඊට වඩා සිටින සිංහල බෞද්ධ පවුල්වලට රුපියල් 25000/- බැගින්
ලබා දීමේ මුල්ම වැඩ සටහන වෙසක් සතියේ ආරම්භ කරන බව මවිබිම සුරැකීමේ
සංවිධානය සඳහන් කර සිටී. දරුවන් 5 දෙනෙකු හෝ ඊට වඩා සිටින පවුල් 25ක් තෝරා ගෙන එම මුදල මුල්වරට පරිත්‍යාග කරන බව මව්බිම සුරැකීමේ සංවිධානයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.
සිංහල බෞද්ධ ජාතිය නගා සිටුවීමේ අරමුණින් මව්බිම සුරැකීමේ සංවිධානය ආරම්භ
කළ අරමුදලට මේ වන විට දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් විශාල වශයෙන් මුල්‍ය
පරිත්‍යාග ලබා දෙමින් හා ලබා දීමට බලාපොරොත්තු වන බවද ආනන්ද හිමියෝ සඳහන්
කළහ. මෙම රුපියල් 25000/- ක මුදල මාස් පතා එම පවුල්වලට ලබා දීමට හැකි වනු ඇතැයි උන් වහන්සේ කීහ.
ශ්‍රියානි විජේසිංහ
No comments:
Post a Comment