Tuesday, April 9, 2013

රහස කුමක්ද?

April 8, 2013  
Bookmark and Share
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 අද සවස විවෘත කර ඇත. එය පසුගිය වසරේත් අද වැනි දිනකම මේ ආකාරයටම විවෘත කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි. මෙලෙස වාන් දොරටු විවෘත කිරීමෙහි රහසක් ඇති බවත් එය කුමක්දැයි ගොවීන් ප්‍රශ්න නගන බවත් හෙතෙම පවසයි. මේ එහි දසුනකි.

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම අද පස්වරු 4.00ට පමණ වාරි නිලධාරීවරයා විසින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 360 ක ජල ධාරීතාවක් නිකුත් වන අතර ඒවා මහවැලි ගඟට මුදා හැරෙයි.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ දසදහසකි.

යල කන්නයේ වගාව සඳහා මේ මස 20 වැනිදා සිට මෙම ජලාශයේ ජලය නිකුත් කිරීමට නියමිතව ඇති අතර එහෙත් වාන් දොරටු සියල්ල මෙලෙස විවෘත කිරීමෙන් යල කන්නයේ වගාව කරගත නොහැකිව ගොවීන්ට පසුගිය වසරේ මෙන් මෙවරත් අසරණ වීමට සිදුවන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ගොවිබිම් අක්කර 25,000ක් අස්වැද්දීමට ජලය නොලැබීමෙන් ගොවීන්ගේ වගා විනාශ වීමේ අවදානමක් මේ හේතුවෙන් මතුවන බවත් පසුගිය වසරේදීත් ඔවුන්ට මෙම විපත්තියටම මුහුණ පෑමට සිදුවු බව හෙතෙම පෙන්වාදෙයි.

ඡායා රූ - ගාමිණි ඔබේසේකර

No comments:

Post a Comment