Tuesday, April 16, 2013


සෞඛ්‍යය ලෙඩවෙයි

උපාලි ද සේරම්

රජයේ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යැම සඳහා වැය කළයුතු මුදල දිනෙන් දින ඉහළ යැම නිසා සෞඛ්‍ය වැය ශීර්ෂය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයට 2013 වසර සඳහා මහා භාණ්‌ඩාගාරය මගින් වෙන්කර ඇත්aතේ රුපියල් කෝටි 12,500 කි.

නමුත් දිනෙන් දින ඖෂධ මිල ඉහළ යැම, නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට සිදුවීම, නවීන රසායනාගාර පහසුකම් ඇතිsකිරීම ඇතුළු සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කරමින් අතිsනවීන පහසුකම්වලින් යුත් සෞඛ්‍ය සේවාවක්‌ පවත්වාගෙන යැමට පියවර ගැනීම නිසා මෙම මුදල ප්‍රමාණවත් නැතැයිද එම ආරංචි මාර්ග කීවේය.

ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක්‌ 2013 වසර වෙනුවෙන් වෙන්කළ රුපියල් කෝටි 2500 ක මුදල ප්‍රමාණවත් නොවීම නිසා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිs මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කර එම මුදල රුපියල් කෝටි 3800 ක්‌ දක්‌වා වැඩිකර ගැනීමට සිදුවීම ඊට නිදසුනක්‌.

මෙම තත්ත්වය මත නිදහස්‌ සෞඛ්‍ය සේවාව තවදුරටත් අඛණ්‌ඩව පවත්වාගෙන යැමට නම් සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමයක්‌ ඇති කිරීම, නවීන පරීක්‍ෂණ උපකරණ රජය මගින් මිලදී නොගෙන පෞද්ගලික අංශයෙන්ම ඒවා මිලදී ගැනීමට අවස්‌ථාව ලබාදී පරීක්‍ෂණ සඳහා වැයවන මුදල පමණක්‌ රජය මගින් දැරීම වැනි ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට රජයට ඉදිරියේදී සිදුවිය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙය කිසිසේත්ම සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමක්‌ නොව නිදහස්‌ සෞඛ්‍ය සේවාව අඛණ්‌ඩව පවත්වාගෙන යැම සඳහා ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග බවද එම ආරංචි මාර්ග පවසයි.
 

No comments:

Post a Comment