අස්වැසිල්ලක් නැති ගොවීන්ගේ මැසිවිල්ල...!
April 4, 2013
පොළොන්නරුව දිස්ත්‍රික්‍කයේ ගොවීන් මහ කන්නයේ නෙළා ගත් වී අස්වනු විකිණීමේ
දී දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ. ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂි
පර්යේෂණ නිලධාරීන්ගේ නිර්දේශය මත මිලදී ගන්නා ගොවීන්ගේ සහල් කිලෝව රුපියල්
25 ක් වැනි අඩු මිලකට මිලදී ගන්නා බවට ගොවීන් චෝදනා නගයි. එහෙත් වී
ව්‍යාපාරිකයින් ගෙන එනු ලබන සහල්වල කිසිදු තත්ත්ව පරීක්ෂාවකින් තොරව රජයේ
සහතික මිල වන රුපියල් 30-32 යන මුදලටම වී මිලදී ගන්නා බව ඔවුන් පවසයි. මෙකී
ගැටලුව හමුවේ අදාළ බලධාරීන් මුණිවත රකින්නේ මන්ද යන්න ඔවුන්ගේ පැනයයි.
ඡායා රූ - ගාමිණී ඔබේසේකර
No comments:
Post a Comment