වාන් දොරටු විවෘත කිරීමේ කිසිම රහසක් නෑ
April 9, 2013 03:15 pm
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය ඉවත් කිරීම සඳහා වාන් දොරටු විවෘත
කිරීමේ රහසක් නැතැයි පොළොන්නරුව වාරිමාර්ග ඉංජිනේරු ආර්.අයි.ජයසිංහ මහතා
පවසයි.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම ඊයේ සවස විවෘත කර ඇති අතර පසුගිය වසරේත් අප්‍රේල් මස 08 වැනිදා මෙලෙස එහි වාන් දොරටු විවෘත කර තිබුණි.
මෙය සැක සහිත සිද්ධියක් බව ගොවීන් පැවසූ අතර අප වාර්තාකරු කියා සිටියේ ගොවීන් මෙහි කිසියම් රහසක් ඇතැයි සැක කරන බවයි.
කෙසේ වෙතත් වාන් දොරටු විවෘත කිරීමේ කිසිදු රහසක් නැතැයි පොළොන්නරුව වාරිමාර්ග ඉංජිනේරු ආර්.අයි.ජයසිංහ පැවසීය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ජලාශයේ උපරිම ජල මට්ටමට වඩා ජලය පිරුණු පසු ගේට්ටු උඩින් වතුර දමන ප්‍රමාණය අඩු කිරීම සඳහා අඟල් 2ක ප්‍රමාණයක් විවෘත කළ බව හෙතෙම කියයි.
අංඟමැඩිල්ල ව්‍යාපාරය මාර්ගයෙන් පරාක්‍රම සමුද්‍රයට වතුර ලැබෙන නිසා එහි අක්කර අඩි දස දහසට වඩා වැඩි ජලප්‍රමාණයක් තිබුණ බැවින් මෙලෙස වාන් දොරටු විවෘත කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුවද මෙලෙස වාන් දොරටු විවෘත කිරීම නිසා සිය ගොවිතැන් කටයුතු කරගෙන යාමට නොහැකි බව පවසමින් ගොවීන් මීට විරෝධය පළ කරයි.
No comments:
Post a Comment