ආබාධිත අයට සහන මිලකට ජල සැපයුම් |
ලෝක ජල දිනයට සමගාමීව ආබාධිත
පුද්ගලයන් වෙනුවෙන් සහන මිලකට ජල සැපයුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර
ඇතැයි සමාජ සේවා අමාත්‍යාංශය පවසයි. ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ මඟපෙන්වීම මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. ආබාධිත පුද්ගලයන් සිටින පවුලකට රුපියල් 4000ක් පමණ මිලකට ජල සැපයුම ලබා දෙන බව පවසන සමාජ සේවා අමාත්‍යාංශය, අඩු ආදායම්ලාභී ආබාධිත අයකු විසින් වෛද්‍ය සහතිකය සමඟ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය, සමාජ සේවා නිලධාරියාගේ නිර්දේශය සමඟ ජල සැපයුම සඳහා ඉල්ලුම් කළ හැකි බව සමාජ සේවා අමාත්‍යාංශය පවසයි. |
Sunday, April 7, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment