මැලේරියා සහමුලින්ම තුරන්!
April 24, 2013 11:10 am
මෙරට තුළ වසංගත රෝගයක් ලෙස පැතිර ගිය මැලේරියා රෝගය ලබන වසර වන විට
සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවරගෙන තිබේ.
2009 වසරේ දී ආරම්භ කළ මැලේරියා මර්ධන ව්‍යාපාරය මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2000 වසර වන විට ලක්ෂ 02 ක ඉක්මවූ මැලේරියා රෝගීන් 2011 වසර වන විට 124 දක්වා අඩු කර ගැනිමට හැකිවී තිබේ.
එය අද වන විට තවදුරටත් පාලනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
රෝග නිවාරණයට මදුරුවන්ගේ පැතිරීම විශේෂ සාධකයක් ලෙස බලපාන බැවින් ඒ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම අමාත්‍යංශය පවසයි.
No comments:
Post a Comment