ඩෙංගු මරණ සංඛාව 50%ක් දක්වා අඩුවේ |
මේ වන විට ඩෙංගු රෝග මරණ සංඛ්‍යාව 50%කින්
අඩු වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා අද (24)
පාර්ලිමේන්තුවේ දී පැවසීය. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වාචික පිළිතුරු අපේක්ෂා කරමින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් දිසානායක මහතා මේ බව පැවසීය. ඩෙංගු රෝගය බෝවීම පරිසරය සමඟ සිදු වන ක්‍රියාවලියක් බැවින් ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් සිදු කළ නොහැකි කාර්යයක් බවත් මේ සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සියලු අමාත්‍යාංශ එකමුතුවෙන් කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. අද වන විට ඩෙංගු රෝග මර්දනය BTI බැක්ටීරියාව යෙදීමෙන් සිදු වන බව කීට විද්‍යාඥයින් සනාථ කර ඇත. රජය රුපියල් මිලියන 32ක මුදලක් වැය කරමින් 2010.09.15 දින මෙරටට ගෙන්වූ BTI ලීටර් 10,000ක ප්‍රමාණය මේ වන විට ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා යොදා ගෙන ඇති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. |
Wednesday, April 24, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment