Sunday, April 28, 2013

දුම් පරික්ෂාව ලබන මා‍සයේ සිට අරඹයි

දුම් පරික්ෂාව ලබන මා‍සයේ සිට අරඹයි

April 28, 2013  12:14 pm
Bookmark and Share
රථවාහනවලින් පිටවන දුම් පරීක්ෂා කිරීමේ කටයුතු ලබන මාසයේ සිට දිවයින පුරා ක්‍රියාක්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එස්.එච් හරිස්චන්ද්‍ර මහතා පවසයි.

වාහන බලපත්‍ර ලබාදීමේ දී දුම් පරීක්ෂණය අනිවාර්ය කර තිබුණ ද ඇතැම් රථවාහනවල පරිසරයට අහිතකර දුම් පිටවීම සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බව හරිස්චන්ද්‍ර මහතා සදහන් කළේය.

මේ හේතුවෙන් ස්ථානීය මාර්ගස්ථ දුම් පරික්ෂණ වැඩපිළිවෙළක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඊට අදාළ දුම් පරීක්ෂණ උපකරණ මේ වන විටත් දිස්ත්‍රික් කාර්යාලවලට ලබා දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමාසාරිස්වරයා පැවසුවේය.

අදාළ පරික්ෂණවල දී පරිසරයට අහිතකර ලෙස දුම් පිටවන රථවාහන හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ඇත.

එම පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ මැයි මාසය තුළ ක්‍රියාත්මක කරන බව එස්.එච් හරිස්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසුවේය.

No comments:

Post a Comment