මව්බිම දැන්
ඖෂධවලට වෙන් කළ මුදලුත් කප්පාදු කරලා |
ලක්ෂ්මී ජයකොඩි සෞඛ්‍ය අමාත්‍යංශයට මේ වසර සඳහා වෙන්කර තිබූ මුදලින් රුපියල් කෝටි 500ක් කපා හැර ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහාත් රෝහල් සංවර්ධන කටයුතු ආදිය සඳහාත් සෞඛ්‍ය අමාත්‍යංශයට මේ වසරේ අය වැයෙන් වෙන් කළ මුළු මුදල රුපියල් කෝටි 1,25,000කි. ඔෟෂධ සඳහා පමණක් වෙන්කර තිබූ මුදල රුපියල් කෝටි 2500කි. බෙහෙත් මිලදී ගැනීමට එවැනි මුදලක් වෙන් කළත් ලබාදී තිබෙන්නේ රුපියල් කෝටි 1200ක් පමණි. ඉතිරි මුදල් එනම් කෝටි 1300 මෙතෙක් භාණ්ඩාගාරයෙන් ලබා දී නැති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. රජයේ රෝහල්වල පසුගිය කාලයේ ඇතැම් අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ගවල හිඟයක් ඇතිවූයේ බෙහෙත් මිලදී ගැනීමට වෙන්කළ මුදල් ප්‍රමාණය නිසියාකාරව නොලැබීමෙන් බවත් බෙහෙත් හිඟයට පිළියම් යෙදීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබියදී මෙසේ රුපියල් කෝටි 500ක් අමාත්‍යංශයට වෙන් කළ මුදල්වලින් කපා හැර තිබෙන බවත් අමාත්‍යංශ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසීය. මේ අතර බෙහෙත් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 300ක මුදලක් සඳහා ණයවර ලිපි විවෘත කිරීමට භාණ්ඩාගාරයෙන් උපදෙස් ලැබී ඇතැයිද වාර්තා වේ. රුපියල් කෝටි 1,25,000කි. ඔෟෂධ සඳහා පමණක් වෙන්කර තිබූ මුදල රුපියල් කෝටි 2500කි. බෙහෙත් මිලදී ගැනීමට එවැනි මුදලක් වෙන් කළත් ලබාදී තිබෙන්නේ රුපියල් කෝටි 1200ක් පමණි. ඉතිරි මුදල් එනම් කෝටි 1300 මෙතෙක් භාණ්ඩාගාරයෙන් ලබා දී නැති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. රජයේ රෝහල්වල පසුගිය කාලයේ ඇතැම් අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ගවල හිඟයක් ඇතිවූයේ බෙහෙත් මිලදී ගැනීමට වෙන්කළ මුදල් ප්‍රමාණය නිසියාකාරව නොලැබීමෙන් බවත් බෙහෙත් හිඟයට පිළියම් යෙදීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබියදී මෙසේ රුපියල් කෝටි 500ක් අමාත්‍යංශයට වෙන් කළ මුදල්වලින් කපා හැර තිබෙන බවත් අමාත්‍යංශ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසීය. මේ අතර බෙහෙත් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 300ක මුදලක් සඳහා ණයවර ලිපි විවෘත කිරීමට භාණ්ඩාගාරයෙන් උපදෙස් ලැබී ඇතැයිද වාර්තා වේ. |
No comments:
Post a Comment