Thursday, April 11, 2013

වකුගඩු රෝගයට බලපාන පළිබෝධනාශක 3ක් තහනමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම්
ශිවන්ති ප්‍රනාන්දු

වකුගඩු රෝග ව්‍යාප්තියට බලපාන පළිබෝධනාශක තුනක් තහනම් කිරීමටත් කැඩ්මියම් බහුලව අඩංගු රසායනික පොහොර භාවිතය අවම කිරීමටත් ශ්‍රී ලංකා රජය ගත් තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය එෆ්.ආර්. මෙහෙතා මහතා පැවැසුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කරන කැපවීම අන්තර්ජාතික ඇගැයීමට ලක්විය යුතු බවය.

වෛද්‍ය මෙහෙතා මේ බව පැවැසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා කලාපයීය කාර්යාලය සංවිධානය කළ සම්මන්ත්‍රණයකදීය.

බෝ වන රෝග, බෝ නොවන රෝග, පෝෂණය නැංවීම හා ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව ලබා දී ඇති ප්‍රමුඛත්වය ඉතා වටිනා බවත් දිවයිනේ උතුරු මැද ඇතුළු අනෙකුත් ප්‍රදේශවල වකුගඩු රෝගයට ප්‍රධාන හේතූන් වන්නේ පළිබෝධනාශක හා රසායනික පොහොර භාවිතය බව හඳුනා ගැනීමට කළ පර්යේෂණ සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු දායකත්වය ඉතා විශිෂ්ට බවත් හෙතෙම පැවැසීය

No comments:

Post a Comment