උතුරු පළාතට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලයක් |
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සපයන සේවාවන් විමධ්‍යගත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පළාත් කාර්යාල ඇතිකිරීමේ ව්‍යාපෘතිය යටතේ පළමු පළාත් කාර්යාලය උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 22 දා පෙරවරු 9.00ට විවෘත කෙරේ. මේ අනුව යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිටින මහජනතාවට අවශ්‍ය හැදුනුම්පත් ලබාගැනීමේ පහසුකම් මෙම කාර්යාලය මඟින් කඩිනමින් ඉටු කිරීමට හැකියාව ලැබේ. පළාත් කාර්යාලය පිහිටුවීම සඳහා වූ සියලු ප්‍රතිපාදන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ " යුක්ති දාමයට සම ප්‍රවේශත්ව ව්‍යාපෘතිය" මඟින් ලබා දී ඇත. මහින්ද චින්තන ඉදිරි දැක්ම අනූව රාජ්‍ය සේවය මහජනතාවට වඩා සමීප හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත්කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සපයන සේවාවන් විමධ්‍යගත කිරීමට සැලසුම් කොට ඇත. |
Sunday, April 21, 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment