මසකට තෝරාගත් රෝහල් 2 ක් සෞඛ්‍ය ඇමති පිරික්සයි
April 23, 2013 10:03 am
දිවයින පුරා පිහිටි සියලුම රෝහල්වල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා
විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ යටතේ මසකට රෝහල් දෙක බැගින් තෝරාගෙන සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි නිරීක්ෂණ චාරිකාවල නිරත වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
දිවයින පුරා පිහිටි සියලුම රෝහල් ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර පෙර දැනුම්දීමකින් තොරව එම රෝහල් පරීක්ෂා කිරීම සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රෝගී සත්කාරක සේවා සිදුවන ආකාරය සහ රෝහල්වල පවතින අඩුපාඩු සොයා බලා සෑම රෝහලකම ප්‍රගතී සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ පවත්වනු ලැබීය.
No comments:
Post a Comment