Tuesday, April 23, 2013

මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර විතරක් ගෙන්වන්න

මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර විතරක් ගෙන්වන්න

April 23, 2013  03:41 pm

ආහාර ආනයනය කිරීමේ දී ප්‍රමිතීන්ට අනුකූල මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර පමණක් ගෙන්වීමට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර ආනයනකරුවන්ට දැනුම්දෙයි.

විවිධ පෞද්ගලික සමාගම් විසින් වැඩි ලාභ ලබාගැනීමේ අරමුණින් ඉතා අඩුමිලට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.

පසුගිය උත්සව සමයේ දී අලෙවි කිරීම සඳහා මෙරටට ගෙන්වා තිබු අපද්‍රව්‍ය සහිත ආහාර තොග විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආනයනික ආහාර පරීක්ෂණ ඒකකය මගින් සොයාගෙන තිබේ.

ඒ යටතේ ප්‍රසිද්ධ සමාගම් 4 ක් විසින් ආනයනය කරනු ලැබු අපද්‍රව්‍ය සහිත පරිප්පු මෙට්‍රික් ටොන් 25,000 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 16 ක්, තක්කාලි පේස්ට් කන්ටේනර් 4 ක් ඇතුළු ආහාර තොගයක් සොයාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ආහාර ආනයනය කිරීමේ දී ප්‍රමිතීන්ට අනුකූල මිනිස් පරිභෝජනයට සුදුසු, ප්‍රවාහනයේ දී තැලි පොඩිවී නොයන ඇසුරුම් සහිත නරක් නොවු ආහාර ආනයන කිරීමට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ආහාර ආනයනකරුවන්ට දැනුම්දෙයි.

No comments:

Post a Comment