ලෙඩ වකුගඩුවට ඇමෙරිකාවෙන් කෘත්‍රිම වකුගඩුවක්
රෝගීයකුගේ සිරුරෙන් ලබා ගන්නා පටක භාවිතා කරමින් කෘත්‍රිමව සෑදූ වකුගඩුවක්
සාර්ථක වී ඇතැයි මහාචාර්ය මාර්ටින් බර්චල් මහතා සහ මැසචුසෙට්ස් රෝහලේ
වෛද්‍ය හැරල්ඩ් ඔට් මහතා ප්රමුඛ ඇමෙරිකා විද්‍යාඥයෝ පිරිසක් පවසති.
ඔවුන් කියා සිටින්නේ මෙම කෘත්‍රිම වකුගඩුව ස්වභාවික වකුගඩුවක් තරම් ක්‍රියාකාරී
නොවූව ද එමගින් මුත්‍රා පෙරීම සාර්ථකව සිදුවන බවයි.
ප්ලාස්ටික් හදවත් ඇතුළු කෘත්‍රිම අවයව මිනිසුන්ට බද්ධ කිරීමේ කටයුතු මේ වනවිට
සාර්ථක වී තිබුණ ද වකුගඩුවක් කෘත්‍රිමව සෑදීම අතිශය සංකීර්ණ බව ද එම
විද්‍යාඥයෝ පෙන්වාදෙති.
වකුගඩුවක් බද්ධ කිරීම අවශ්‍ය රෝගියාගේම පටක යොදා ගනිමින් කෘත්‍රිම වකුගඩුව
නිර්මාණය කරන බැවින් එය බද්ධ කළ පසු සිරුර විසින් ප්‍රතික්ෂේප නොකරන බව
ද පර්යේෂකයෝ පවසති.
කෘත්‍රිම වකුගඩු කිහිපයක් මේ වනවිට සතුන්ට බද්ධ කැර පර්යේෂණ කරමින් ඇති
බවත් එහි සාර්ථකත්වය අනාගතයට වඩාත් සුබදායී පණිවිඩයක් වනු ඇති බවත්
ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවේ රජරට වියළි කලාපයේ ද වකුගඩු රෝගීහු බොහෝ වෙති.
වකුගඩු නරක්වීම නිසා මුත්‍රා පිරිසිදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් රෝහල්වල නැත.
No comments:
Post a Comment