නීති විරෝධි අයුරින්
සේවයෙන් බැහැරව සිටි
ජාතික රෝහලේ සේවක පිරිසක් ගෙදර යවයි
දඬුවම් ස්ථාන මාරුවකට එරෙහිව නීති විරෝධී අයුරින් රාජකාරි
කටයුතුවලින් බැහැරව සිටි කොළඹ ජාතික රෝහලේ සියලු ආදේශක
සෞඛ්‍ය කාර්ය සහායක සේවකයන්ගේ සේවය අවසන් කිරීමට තීරණය කර
ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඊට අදාළ ලිපි එම සේවකයින්
වෙත යෑවීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යංශය සඳහන් කරයි.
රාජ්‍ය සේවා කොමිසම් සභාවේ නිර්දේශයක් මත කොළඹ ජාතික
රෝහලේ කනිෂ්ඨ සේවකයෙකු දඬුවම් සථාන මාරුවක් මත රාගම රෝහලට
මාරු කර යෑවීම සම්බන්ධව විරෝධය පාමින් ජාතික රෝහලේ සේවකයෝ
පිරිසක් ඉකුත් සඳුදා (01 දා) සිට රාජකාරි කටයුතුවලින්
බැහැරව සිටින අතර ඒ අතර සිටින ආදේශක සෞඛ්‍ය කාර්ය සහායක
සේවකයින් ඊයේ (02 දා) වන විට සේවයට වාර්තා නොකළහොත් ඔවුන්
සේවය අතහැර ගියා සේ සලකන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය
නිහාල් ජයතිලක මහතා නිවේදනය කර තිබිණි.
No comments:
Post a Comment