Friday, March 29, 2013

කොරියා ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල හෙට ජනතා අයිතියට

March 29, 2013  11:18 am
Bookmark and Share
මාතර, ගොඩගම ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණු කොරියා ශ්‍රී ලංකා මිත්‍රත්ව රෝහල හෙට (30) ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

රුපියල් කෝටි 127 ක වියදමින් ස්ථාපිත කර ඇති රෝහල සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය මගින් රුපියල් කෝටි 97 ක මුදලක් ලබාදී තිබේ.

මහල් දෙකකින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය, බාහිර රෝගී අංශය, දැඩි සත්කාර ඒකක, හදිසි ප්‍රතිකාර අංශය, ශල්‍යාගාර, ඇතුළු සියලුම පහසුකම්වලින් සමන්විත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

No comments:

Post a Comment