භික්ෂූන්ට පහරදීමට විරෝධය පා දස සිල් මාතාවක් උපවාසයක
March 19, 2013 04:54 pm
ඉන්දීයාවේදී ලාංකික භික්ෂුන් වහන්සේලාට සිදුවූ හිරිහැර හා පහරදීම්වලට
විරෝධය පළකර ඇල්පිටිය බස් නැවතුම ඉදිරිපිට මේවන විට දස සිල් මාතාවක්
උපවාසයක නිරතව සිටින බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ප්රදේශයට මෙම අවස්ථාවේදී වැසි වැටෙන බවත් එම වැසි පවා නොතකා සුසින්තා නැමැති දස සිල් මාතාවක් එසේ උපවාසයේ නිරතව සිටින බවත් අප වාර්තාකරු කියයි.
දස සිල් මාතාව අද උදෑසන සිට එකී උපවාසයේ නිරත වන බව කියැවෙයි.
No comments:
Post a Comment