Wednesday, March 27, 2013

”ජාතිය වඳවෙනකම් උඹලා දන්නෙ නෑ ” - පිටිගල ධම්මවිනීත හි2

”දැන් ළඟ ළඟම එන්නේ සිංහලයගේ ඇදුම් ප‍්‍රදර්ශනය කරන කාලයයි. අවුරුද්දේම එකතු කරපු සල්ලි ටික දවස් දෙකකින් ඉවරයක් කරලා දාන මේ වගේ කාලකන්නි ජාතියක් තවත් නෑ. සුද්දා ඇඳලා ඇඳලා පට්ට ගහපු රෙදි ටික අපේ අය ගිහිල්ලා ‘රට සුවඳයි රට සුවඳ එනවා’ කිය කියා  අරන් එනවා. මෝඩ සිංහල හැත්ත. අවුරුද්ද කියලා කරන්නේ මේ වගේ හරක් වැඩ තමයි. උන් දන්නේ නෑ උන් ගන්න රෙදිවල ජාතිය වඳකරන කෙමිකල් ගහලා තියෙනවා කියලා” යැයි කරන්දෙනිය ප‍්‍රාදේශිය ලේකම් කර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක පිටිගල ධම්මවිනීත හිමියෝ පැවැසූහ.
පිටිගල ධම්මවිනීත හිමියන් මෙම අදහස් පළකළේගාල්ලේ පැවති බොදුබල සමුළුවට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මේ අදහස් ද පළකළහ.
”සිංහලයා ගන්න රෙදි කෑල්ලත් අඳින්නේ ශරිරයේ භාගයක් වහන්න විතරයි. මුස්ලිම් කාන්තාව කවදාවත් ඇඳුම වෙනස් කළේ් නෑ. සිංහලයාටත් ඇඳුමක් තිබුණා. නමුත් අද ඒක කෝ? සිංහලයෝ කියන්නේ විලිවැහෙන්න ඇන්ඳ ජාතියක්. අපේ මිත්තනිය මිට අවුරුදු 2500කට පෙර විජය රජ්ජුරුවන් තම්බපන්නියට එනකොට කපු කටිමින් සිටියේ එදා ඇදුම් තිබුණු නිසා. අද සිංහලයා ආපස්සට හැරිලා බලාපල්ලා. නැත්නම් උඹලා දන්නෙම නෑ උඹලාගේ ජාතිය වදවෙලා යනකම්” යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
සුනෙත් ගාල්ලගේ-ගාල්ල

No comments:

Post a Comment