මව් තුරුලේ සැඟවුණු බකමූණු පැටවා
රාත්‍රි
අඳුරත් සමග එළියට බසින අරුණාලෝකය නැග ඒමට ප්‍රථම යළිිි බිලයක රිංගා ලොවෙන්
වසන් වන බකමූණන් ඡායාරූපගත කිරීම දැඩි ඉවසීමක් හා කැපවීමක් අවශ්‍ය කරන
කාර්ය භාරයක් බවට සැක නැත.
බකමූණෙකු
ඡායාරූපගත කිරීම එතරම් දුෂ්කර වන්නේ නම්, බකමූණු පැටවෙකු කැමරාවට හසු කර
ගැනීමෙහිලා මතුවන අසීරුතාව අමුතුවෙන් විග්රහ කළ යුතු නොවේ. නමුත්
කැලිෆෝනියාවේ ඩෙසොටෝ උද්‍යානයේ වනජීවීන් සිය කැමරා කාචයට හසුකර ගැනීමේ යෙදී
සිටි ‘මරීනා ස්කාර්’ හට එම විරල අහඹු අවස්ථාව උදා වූ අතර, පුදුමය වනුයේ
ඇයගේ දැනුමකින් තොරවම කුඩා පැටවාද මව සමග සිය ඡායාරූපයේ එක්ව පෙනී සිටීමයි.
ඉතා දුරක සිට බකමූණු මව සිය කැමරාවට හසු කරගත් මරීනා, සිය ඡායාරූපයට තමා නොදැනුවත්වම අතිරේක වටිනාකමක්ද එකතු වීමේ ප්‍රීතිමත් සුභාරංචිය දැනගන්නා ලද්දේ ඇය ඡායාරූපය ගන්නා අවස්ථාවේ ඇය අසල සිටි පිරිමි දරුවකු ඒ බව පවසමින් කෑගැසීම් නිසාවෙනි. ඒ වන විටද ඇය මව් බකමුණා මිස ඇගේ තුරුලේ සිටි පැටවෙකු දැක නොතිබුණද දරුවාගේ කියමන විශ්වාසයට ගනිමින් ඡායාරූප ගැනීම ඇරඹූ මරීනාගේ විශ්වාසයට ප්‍රතිඵල ලැබිණි. දින දහයක් පමණක් වයසැති බකමූණු පැටවා ඡායාරූපගත කිරීම සඳහා දින ගණනාවක්ම වෙහෙසවීමට මරීනාට සිදුව තිබිණි. සාමාන්‍යයෙන් තනි සුදු පැහැයෙන් යුතුව උපදින බකමූණු පැටවුන් දින 10-12ක් අතර වයස් වන විට ක්‍රමයෙන් දුඹුරු පැහැයට හැරෙන අතර මෙම ඡායාරූපයේ ඇති තවත් විශේෂත්වයක් වනුයේ මව් බකමූණාගේ එක් ඇසක් අඳ වීමය. එනමුදු සිය පැටවා සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇය එය බාධාවක් කොටගෙන නැති බව මේ ඡායාරූපය දකින ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු ඇත.

ප්‍රියන්ති රුද්‍රිගු
No comments:
Post a Comment