කරාපිටියේ දෙවැනි වකුගඩු බද්ධයත් සාර්ථකයි
කරාපිටියේ දෙවැනි වකුගඩු බද්ධයත් සාර්ථකයි
2013
මාර්තු මස 18 14:25:43 | සජිව විජේවීර
ගාල්ල කරාපිටිය රෝහලේදී දෙවැනි වකුගඩු බද්ධකිරීම මීට සුළු වේලාවකට පෙර
සාර්ථකව අවසන් වූ බව රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය
වෛද්‍ය රංජුක උබේසිරි මහතා සහ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා
කියති. හික්කඩුවේ පදිංචි 25 හැවිරිදි තරුණයකුට වකුගඩුවක් බද්ධ කිරීමට මේ
සැත්කම සිදුකැරුණි. වකුගඩු බද්ධකිරීමට සිදුවන තිස් දෙනකු පමණ දැනටමත්
කරාපිටිය රෝහලේ ලියාපදිංචිවී සිටිති.
-
Published on Monday, 18 March 2013 16:28
වකුගඩු
රෝගි තත්වයකින් පෙළුණු තම පුතූගේ ජීවිතය බේරාගැනීම සඳහා පියා විසින්
වකුගඩුවක් දන් දී එම වකුගඩුව බද්ධ කිරිමේ සැත්කම අද (18* ගාල්ල කරාපිටිය
ශික්‍ෂණ රෝහලේ දී සිදුකෙරිණි. සැත්කම සාර්ථක වූ බව වකුගඩු එකකයේ වෛද්‍යවරු
පවසති. ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ සිදුකළ දෙවැනි වකූගඩු බද්ධ කිරීමේ
සැත්කම මෙයයි.
මෙසේ වකුගඩුවක් බද්ධ කරනු ලැබුවේ හික්කඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකූ 25
හැවිරිදි තරුණයෙකූටය. 43 හැවිරිදි ඔහුගේ පියා විසින් පුතූට තම වකුගඩුව
පරිත්‍යාග කොට තිබුණි. විශේෂ්‍යඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා, වකූගඩු
රෝග පිළිබද විශේෂ්‍යඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක්
මෙම සැත්කම කරනු ලැබීය.
(ලලිත් කන්කානම්ගේ-ගිංතොට/ සමන් කූමාර-බුස්ස)
No comments:
Post a Comment