අමෙරිකා යෝජනාවට රටවල් 4ක් සංශෝධන දෙයි
ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව විසින් ඉදිරිපත් කළ
ශ්‍රි ලංකාවට එරෙහිව යෝජනාව සම්බන්ධයෙන් රටවල් හතරක් සිය සංශෝධනයන්
ඉදිරිපත් කළ තිබෙන බව ජිනිවා තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරාංචි මාර්ග සඳහන් කළේ රුසියාව, චීනය,පාකිස්ථානය හා කියුබාව යන
රටවල් ශ්‍රි ලංකාවට එරෙහිව යෝජනාව සංශෝධන ඉදිරිපත් කර ඇති බවයි. ශ්‍රි
ලංකාව පිළිබඳ විශේෂිත විවාදයක් මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි සැසිවාරයකදී
පැවැත්වීම සංහිදියා ක්‍රියාමාර්ග ස්ථාපිත කිරීමට රජය අසමත් වී ඇති බවට
සඳහන් කරුණු අදාළ අමෙරිකා යෝජනාවෙන් ඉවත් කරන ලෙසට එම රටවල් හතරේ
නියෝජිතයින් පෙරේදා (14)පැවැති මානව හිමිකම් කවුන්සිලි සැසිවරයේදි ප්‍රකාශ
කර තිබෙන බව ජිනිවා ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත තානාපති කාර්යාල ආරාංචි
මාර්ග පවසයි.
රුසියාව, චීනය,පාකිස්ථානය හා කියුබාව යන රටවල් ශ්‍රිලංකාවට එරෙහිව අමෙරිකා යෝජනාව සංශෝධනය කළ යුතු බවට කරුණු ඉදිරිපත් කළ ද කැනඩාව හා යුරෝපා සංගම් සාමාජික රටවල්හි නියෝජිතයන් ශ්‍රි ලංකාවට එරෙහිව යෝජනාව දැඩි ස්වරයකින් ඉදිරිපත් කළ යුතු බවට කවුන්සිලය හමුවේ කරුණු දක්වා තිබේ.ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීම් ඇතුළු කරුණු 11 කින් යුතු එම අමෙරිකා යෝජනාවට එක්වීය යුතු දෑ හා ඒ සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කිරීම සිදු කෙරුණු පෙරේදා (14)දිනයේදී ඉන්දීය නියෝජිතයින් අදහස් ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටි බව ද ජිනිවා තානාපති ආරංචි මාර්ග කියයි.

No comments:
Post a Comment