මහනුවර රෝහලේ කෘත්‍රිම දණහිස් නොමැතිව
රෝගීහු දැඩි අසීරුතාවක
පේරාදෙණිය - රංජිත් සේනවීර
මහනුවර ශික්ෂණ රෝහලේ විකලාංග ශල්‍ය එAකකයේ සිදු කරනු ලබන දණහිස් සඳහා වූ
සැත්කම්වලට අවශ්‍ය කෘත්‍රිම දණහිස් නොමැතිකමින් රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි
මහනුවර රෝහලින් වාර්තා වේ.
මේ වන විට මෙම දණහිස් සැත්කම් සඳහා 430 කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති
අතර, එයින් 300 දෙනකුට පමණ කෘත්‍රිම දණහිස් අවශ්‍ය බැව් රෝහල් අධ්යක්ෂවරයා
විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දන්වා ඇති මුත් අනුමත වී ඇත්තේ කෘත්‍රිම දණහිස් 100
ක් බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනුමත වී ඇති කෘත්‍රිම දණහිස් සියයවත් මේ දක්වා රෝහලට ලැබී නොමැති බවත් එම ආරංචි
මාර්ග තවදුරටත් පෙන්වා දෙයි.
මෙම දණහිස් ශල්‍යකර්ම සඳහා පෞද්ගලික රෝහල්වල ලක්ෂ පහකට වැඩි පිරිවැයක් දැරීමට
සිදුවන අතර, පිටතින් මෙම කෘත්‍රිම දණහිසක් පමණක් මිලදී ගැනීමට ලක්ෂ දෙකක් වැනි
විශාල වියදමක් දැරීමට සිදුවන බවද මෙම ආබාධයට පත්ව සිටින රෝගීහු පවසති.
කෙසේ හෝ පිටතින් කෘත්‍රිම දණහිසක් මිලදී ගෙන රෝහලට ගෙන එන්නේ නම් රෝහලේදී සැත්කම
නොමිලේ කරගත හැකි වුවත්, තමන්ට රුපියල් ලක්ෂ දෙකක් වැනි විශාල මුදලක් වැය කරන්නට
අපහසු බවද රෝගීහු තවදුරටත් පවසති.
මේ සම්බන්ධයෙන් මහනුවර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ ඩී. එම්. දිසානායක මහතාගෙන්
විමසීමේදී දැනගන්නට ලැබී ඇත්තේ අදාළ කෘත්‍රිම දණහිස් ලබාගැනීම සඳහා අමාත්‍යාංශයට
දන්වා ඇති බවත්, එAවා ඉක්මනින් ලැබීමට නියමිත බවත්ය.
No comments:
Post a Comment