Saturday, March 16, 2013

දරු ප‍්‍රසුතියට ගිය මවට වෛද්‍යවරයා අතවර කරලා Featured

දරු ප‍්‍රසුතියට ගිය මවට වෛද්‍යවරයා අතවර කරලා
දරු ප‍්‍රසුතිය සඳහා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවක් පරික්‍ෂා කරන මුවාවෙන් රෝහල් කාමරයකට රැගෙන ගොස් අතවර කළේ යැයි චෝදනාව මත වෛද්‍යවරයෙකුට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ.
ජයවර්නපුර රෝහලේ නිශාන් ජයශාන්ත නැමැති වෛද්‍යවරයා මෙම චෝදනාවට ලක්ව සිටි. දරු ප‍්‍රසුතිය සඳහා 2009 සැප්තැම්බර් මාසයේ දිනයක රෝහල් ගත කර සිටි කාන්තාවකගෙන් ලිංගික තෘප්තියක් ලබා ගැනීමට වෛද්‍යවරයා කටයුතු කර ඇති බව එම චෝදනාවේ සඳහන් වේ.
අතවරයට පත් කාන්තාව ඒ සම්බන්ධයෙන් ඇයගේ සැමියාට පවසා ඇති අතර පසුව ඔවුන් ලමා හා කාන්තා කාර්යාංශයට කළ ලිඛිත පරික්‍ෂණයට අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් පරික්‍ෂණ පවත්වා නීතිපතිවරයා නඩු පවරා තිබේ.

No comments:

Post a Comment