පොලොන්නරුවේ නඩුවලින් 65% ක්
ස්ත්‍රී දූෂණ, බාල අපචාර, කාන්තා හිංසන
- සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන
දේශපාලන ජීවිතය ගැන කලකිරීමක් ඇති වුණා
මැදිරිගිරිය - ගුණතිලක ගලප්පත්ති
පොලොන්නරුව
දිස්ත්‍රික්කයේ උසාවි වල අසන නඩුවලින් සියයට හැටපහක්ම (65%)
ස්ත්‍රී දූෂණ, බාල අපචාර හා කාන්තා හිංසන බව වාර්තා වී
තිබෙනවා. මේ බව ඔප්පු වූයේ පසුගිය පස්වැනිදා මනම්පිටිය ඇලහැර
මැදිරිගිරිය ප්‍රදේශවල ප්‍රාථමික උසාවි විවෘත කළ අවස්ථාවේ
පැවති උස්සවවලදීයි. එදා මගේ දේශපාලන ජීවිතයේ දැඩි කලකිරීමක්
ඇති වුණා" යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ
කළේය.
ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කරන ලද්දේ ජාත්‍යන්තර ලෝක කාන්තා දිනය
නිමිත්තෙන් මැදිරිගිරිය ජාතික විදුහල් ශ්‍රවණාගාරයේ දී පැවති
සම්මන්ත්‍රණය අමතාය.
තවදුරටත් කතා කළ සෞඛ්‍ය ඇමතිවරයා ලෝකයේ අනිත් රටවල වගේ ශ්‍රී
ලංකාවේ කාන්තා දිනය සැමරීමට අවශ්‍ය නෑ. මේක බෞද්ධ රටක්. ආගමික
පරිසරයක්, සංස්කෘතියක් තිබෙනවා. මේ රටේ කාන්තා පිරිසට
නිතැතින්ම කාන්තා නිදහස ලැබී තිබෙනවා. ලෝකයේ සමහර රටවල ආගමෙන්
හා දේශපාලන බන්ධනවලින් කාන්තා නිදහසට තහංචි වැටී තිබෙනවා.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තා හිංසනය වැඩිවී තිබෙනවා.
මෙහි උසාවිවල ඇසෙන නඩුවලින් සියයට 65% ස්ත්‍රී දූෂණ හා ළමා
අපචාර නඩුයි. මේවා පිළිබඳ මැදිරිගිරිය කොට්ඨාසයට ප්රමුඛ
ස්ථානයක් ලැබී තිබෙනවා.
දරුවා රත්තරන් වගේ වටිනවා. නමුත් රත්තරන් ටොන් සියයකට වඩා
දරුවාගේ එක රෝම කූපයක් වටිනවා.
ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක, රූපවාහිනි, කොම්පියුටරය තුළින්
සමාජ පරිහානියට දායක කරගෙන තිබෙනවා. මව්පියන් නොකා නොබී දරුවන්
වෙනුවෙන් කටයුතු කළත් නව තාක්ෂණය සමග දරුවන්ගේ සදාචාරය සෝදා
පාළුවී තිබෙනවා.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු දරුවෝ මගේ දරුවෝයි. මේ ගරා
වැටුණු සමාජ ක්‍රමය අහෝසි කළ යුතුයි.
මෙම උත්සවය අමතා ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සිරිපාල
ගම්ලත් මහතාද කතා කළේය.
No comments:
Post a Comment