Thursday, March 21, 2013

තිදෙනකුගෙන් ගුටි කෑ සිසුවා දවස් 5ක් රෝහලේ
ලුණුවිල - රෝස් කොලින්

පුද්ගලයන් තිදෙනකු අතින් පහර කෑමට ලක්වූ පාසල් සිසුවකු දින 05ක් තිස්සේ දංකොටුව රෝහලේ ප්‍රතිකාර ගන්නා නමුත් ඒ සම්බන්ධව දංකොටුව පොලිසියට කළ පැමිණිල්ල මේ දක්වා පුස්සක් වී ඇති බවත්, සැකකරුවන් දංකොටුව නගරයේ නිදැල්ලේ හැසිරෙන විටක පොලිසිය මෙසේ කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවත් පැමිණිලි පාර්ශ්වය 'මව්බිම'ට කියා සිටියහ.

ශල්‍යකර්මයට මුදල් හොයන්න මම දැන් තාත්තා සමඟ ගෙදර ඉන්නවා. එහෙත් 2013.03.18 දින පොලිසිය කටඋත්තරයක් ගත්තා. එ්ත් සැකකරුවන් තවමත් නිදැල්ලේ. මගෙ කකුල තවමත් ඉදිමිලා. ඔළුවටත් ඒ අය ගැහුවා. දංකොටුව පොලිසිය හා දංකොටුව රෝහල අතර ගනුදෙනු විය යුතු ලිපි මෙතෙක් හරිහැටි ක්‍රියාවට නැංවී නැති හැඩයි.

දංකොටුව රජයේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි පී.ඒ. කෝදාගොඩ මහතාගේ අධීක්‍ෂණය මත රෝගියාගේ ප්‍රතිකාර කටයුතු කරගෙන යන අතර, පැමිණිලි පාර්ශ්වය පවසන්නේ රජයේ ළමා ආරක්‍ෂක අංශය වෙතද පැමිණිලි අංක: සී.ඩී. - 13 - 03541 යටතේ දුරකතන අංක: 1929 ට ඇමතුවක් පොලිසිය මෙතෙක් සැකකරුවන් නීතියේ රැහැනට හසුකර නොගැනීම පුදුමයට කරුණක් බවත් ඔවුහු කීහ.

No comments:

Post a Comment