Saturday, March 23, 2013

සති ‍2ක් තිස්සේ කහිනවා නම් වහා සෙම පරික්ෂා කරගන්න

March 24, 2013  08:48 am
ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබේ.

1882 වසරේ මාර්තු 24 වැනිදා ජර්මන් ජාතික වෛද්‍යවරයෙකු විසින් අදාළ රෝග කාරකය පිළිබඳ අනාවරණය කිරීමෙන් පසු එම දිනය ක්ෂය රෝග දිනය ලෙස නම් කෙරිණ.

“ක්ෂය රෝගය මතු පරපුරට දායාද නොකරන්න යන්න මෙවර ශ්‍රී ලංකාවේ ක්ෂය රෝග දිනයේ තේමාවයි.

දුම්පානය සහ මත්පැන් පානය හේතුවෙන් ක්ෂය රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාව ඉහළ අගයක් ගන්නා බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

මෙරට වැඩිම ක්ෂය රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස සැලකු විට සියයට 23කි.

මේ අතර සති දෙකකට වඩා කැස්ස පවතී නම් සෙම පටලයක් පරික්ෂා කරගත යුතු බව වෛද්‍යවරුන් පවසයි.

No comments:

Post a Comment