ඇස් මරුවාට එරෙහිව වීදි බසිති
2013 මාර්තු මස 12 14:27:24 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
ජනතාව ග්ලූකෝමා
නම් අක්ෂි රෝගය පිළිබඳව දැනුම්වත් කිරීමේ විශේෂ උද්ඝෝෂණයක් අද දහවල් කොළඹ ලිප්ටන්
වටරවුමේදී පැවැත්විණ.
කොළඹ ජාතික
අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ යටතේ එම රෝහල් කාර්ය මණ්ඩලය මේ උද්ඝෝෂණය
සංවිධානය කළහ.
ශල්‍ය වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම සියලු රෝහල් කාර්ය
මණ්ඩල සාමාජික සාමාජිකාවෝ මෙයට එක් වූහ.
වයස අවුරුදු 40 ඉක්මවූ, අධික රුධිර පීඩනයෙන් හා දියවැඩියා රෝගයෙන් පෙළෙන හා දුර පෙනීම
දුර්වල රෝගීන්ට ග්ලූකෝමා වැළඳීමේ ඉඩක් ඇතැයි කියති.
No comments:
Post a Comment