ආදරයට කන පැලීම
හපුතලේ ද්‍රවිඩ මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයකු විසින්
ශිෂ්‍යයකුට කන පැලෙන්නට පහර දී තිබේ. හයවැනි ශ්‍රේණියේ ඉගෙන
ගන්නා මේ දරුවාගේ වයස අවුරුදු 9 කි. පන්තියේදී කොළ ගුලිවලින්
ගසා ගනිමින් සිටියදී ඉන් එක ගුලියක් ගුරුවරයකුගේ ඇඟේ වැදීම
නිසා මේ දඬුවම දී තිබේ. සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයකුගේ අත්ල
මත (ඇඟිලිවල වර්ගඵලය ද සහිතව) වර්ගඵලය වර්ග අඟල් 50 කට ආසන්නය.
(බොරු නම් මැන බලන්න ·) මෙවැනි අතකින් පොඩි එකකුගේ කනට ගැසූ
විට කන පමණක් පැලී ජීවිත හානියක් නැතිව පොඩි එකා බේරීම ලොකු
දෙයකි. කොළ ගුලියක් ඇඟේ වැදුණු විට මේ ගුරුතුමා එයට දඬුවම්
වශයෙන් සිසුවාගේ කන පලන්නේ නම් ගල් කැටයක් වැදුණු විට ඔහු
සිසුවා දෙපළු කරනු ඇත. හැඳි නොගා හදන හොද්දත් ගුටි නොදී හදන
ළමයාත් යන දෙකෙන්ම වැඩක් නැතැයි කියෑවෙන පැරණි ගොන් කතාවක්
හිස මත තබාගෙන සිටින දෙගුරුවරු තවමත් සිටිති. ඔවුන් කියන්නේ
ළමයින්ට තලන්නේ ආදරයට බවය. එසේ නම් ආදරය වැඩි වූ විට ළමයා
මැරීමට වුව පුළුවන. යකාගේ ආදරය ·
වැඩිහිටියකු විසින් ළමයකුට පහර දෙන්නේ ආපසු හැරී ප්‍රති
ප්‍රහාර එල්ල කිරීමට තරම් ශක්‌තියක් ළමයා තුළ නැති නිසාය.
ගුරුවරයකු ළමයකුට පහර දුන් විට පොල්ලක් ගෙන ගුරුතුමාට පත බෑමට
ළමයාට හැකි ලෙස සිවිල් නීති රීති සකස් වී තිබිණි නම් ගුරුවරයා
කවදාවත් ළමයාට පහර දෙන්නේ නැත. ළමයින්ට ශාරීරික දඬුවම් දීමට
සහමුලින්ම විරුද්ධ ලෝක ප්‍රවණතාවක් දැන් ගොඩනැගෙමින් තිබේ. මේ
රටේ ගුරුවරු ළමයින්ට ගහන්නට පටන්ගත් විට වේවැලෙන් ද අඩිරූලෙන්
ද, අතින්ද, පයින් ද පමණක් නොව පුටු කකුල්වලින් පවා ගසන
තත්ත්වයක් උදා වී තිබේ. මේ පාරක් වැරදි තැනකට වැදුණොත් දරුවා
අහිමි වන්නේ ගුරුතුමාට නොව දරුවා හැදූ වැදූ දෙමාපියන්ට ය. සමහර
පොලිස්‌කාරයන් මෙන් සමහර ගුරුවරුන් ද ගෙදර බිරිඳ සමඟ ඇති
කරගන්නා ගැටුම පාසල වෙත රැගෙන එයි. එදාට ළමයින්ට විසුමක් නැත.
"ගෑනිගෙන් ගුටි කන පොලිස්‌කාරයා" පොලිසියට ගිය විට කූඩුවේ
සිටින සැකකරුවන් එළියට ගෙන ගෙදරින් කෑ ගුටි දෙගුණ කර ආපසු දෙන
බවට අව්‍යක්‌ත කියමනක් තිබේ.
ගුරුවරයකු සිසුවකුට දඬුවම් කරන විට අනුගමනය කළ යුතු නීතිරීති
මාලාවක් සමහර රටවල තිබේ. ඉන්දියානු නීතිය මෙසේය. ළමයාට පහර
දිය යුත්තේ මිලිමීටර් 10 කට වඩා අඩු ඝනකමක් ඇති වේවැලකිනි. එය
අඩි 3 කට වඩා දිගු නොවිය යුතුය. දිය හැකි පාරවල් ගණනෙන් උපරිමය
3 කි. අත්වලට, පිටට, කකුල්වලට, මුහුණට පහර දිය නොහැක.
තට්‌ටම්වලට පමණක් පහර දිය හැකිය. පහර දීමේදී ළමයා සිහිසුන්
වුවහොත් වහාම දඬුවම් කිරීම නැවැත්විය යුතුය. ඊළඟට ළමයා
වෛද්‍යවරයකුට යොමු කළ යුතුය. පහර දීමේදී වේවැල එසවිය හැකි
උපරිම උස පොළවේ සිට අංශක 90 කි. පුහුණු ගුරුවරයකුට, විනය
පාලකට, මුල් ගුරුතුමාට, විදුහල්පතිට හැර වෙන කිසිවකුට ළමයින්ට
දඬුවම් කළ නොහැක. එසේම, ප්‍රසිද්ධ රැස්‌වීමකදී ළමයාට පහර දිය
නොහැක. එය කළ හැක්‌කේ විදුහල්පතිගේ කාර්යාලය තුළදී තවත්
ගුරුවරයකු සාක්‍ෂියක් ලෙස තබාගෙනය. මේ සියල්ල නිම වූ පසු
අසුවල් ළමයාට අසුවල් වරද සම්බන්ධයෙන් වේවැල් පහර තුනක් හෝ ඊට
අඩු ගණනක් දුන් බව ලොග් පොතේ සටහන් කළ යුතුය.
මෙපමණ නීති අපට අවශ්‍ය නැත. ළමයකුට ඉස්‌පිරිතාලේ නොයන ආකාරයෙන්
දඬුවමක් කළාම ඇති. ගුරුතුමා යනු ගෞරවනීය චරිතයකි. ඔහු
මහපාරේදී ගෝලයන්ගෙන් ගුටි කෑ යුතු නැත.
No comments:
Post a Comment