ආයාචනයට වඩා ප්‍රායෝගික වීම හොඳයි
මාතෘ
භූමියේ අහිංසක ජනතාව වෙනුවෙන් අඩුම තරමේ අවුරුදු පහක්වත් රටට සේවය
කරන්නැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වෛද්‍යවරුන්ගෙන් ඉතා
බැගෑපත්ව ඉල්ලා සිටී. දොස්තර මහතෙක් දක්වා ඉගෙන ගන්න කාලයේදී
රටේ නිදහස් අධ්‍යාපනය හරහා විශාල වියදමක් දරා තිබෙන බව පවසන සෞඛ්‍ය
ඇමැතිවරයා එම මුදල් රජයට උපයා දීමට මේ රටේ ජනතාව සිය ලේ, කඳුළු, දහදිය කැප
කර ඇතැයි පවසයි.
සෞඛ්‍ය
ඇමැතිවරයා කර ඇත්තේ ඉතා සංවේදී ඉල්ලීමකි. එම ඉල්ලීම තුළින් ගම්‍ය වන්නේ
රටේ දොස්තර හිඟයක් පවතින බවයි. දොස්තර හිඟය තදින්ම බලපා ඇත්තේ කොළඹ ඇතුළු
දියුණු නගරවලට නොවේ. ඈත දුෂ්කර ගම් දනව්වල පිහිටි රෝහල්වලට යි.
එම රෝහල්වල පවතින දොස්තර හිඟය නිසා රටේ විශාල පිරිසක් දිනපතා රෝගීන්
වශයෙන් අසාධ්‍ය තත්ත්වයට මුහුණ දී අවාසනාවන්ත ඉරණම්වලට බඳුන් වන බවත්
ඇමැතිවරයාගේ කතාව තුළ සැඟවී පවතින යථාර්තයයි.
සෞඛ්‍ය
ඇමැතිවරයා පසුගියදා ඇමරිකාවේ කළ සංචාරයකදී ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්
පිරිසක් එහිදී හමුවී තිබේ. ඔවුන්ට නැවතත් මෙරටට පැමිණෙන්නැයි ඉල්ලා සිටි
අවස්ථාවේ එම වෛද්‍යවරුන් ඇමැතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් යළි ශ්‍රී
ලංකාවට පැමිණීමට අදහසක් නැතැයි කියා තිබේ.
විදේශගතව
සිටින වෛද්‍යවරුන්ට යළි මෙරටට පැමිණ සේවය ආරම්භ කරන්නැයි ආයාචනය කරන
ඇමැතිවරයා නැවත ඔවුන් පැමිණෙන්නේ නම් අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට රජය
පියවර ගන්වා බව සඳහන් කරයි.
වාර්ථා
වන අන්දමට ශ්‍රී ලංකාවේ උගත් වෛද්‍යවරුන් දසදහසකට අධික සංඛ්‍යාවක්
ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි දියුණු රටවල සේවය කරමින් සිටිති. මා
දන්නා ආකාරයට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කැම්බල්ටවුන් හී
පිහිටි ජාතික රෝහලේ පමණක් ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් විසිපස් දෙනෙකුට ආසන්න
පිරිසක් 2011 වසරේ සේවය කරමින් සිටියහ.
දොස්තර
වෘත්තියට අමතරව මේ රටේ තවත් විවිධ වෘත්තිකයන් රට හැර ගොස් සිටිති. එහෙත් ඒ
කිසිවෙකුට යළි මෙරටට පැමිණ සේවය ආරම්භ කරන්නැයි කිසිවෙක් ආයාචනය නොකරති.
වෛද්‍ය වෘත්තිකයන්ගෙන් පමණක් එම ඉල්ලීම කරනුයේ සෙසු වෘත්තින්ට වඩා වෛද්‍ය
වෘත්තිය මෙරට ජන ජීවිතය හා බද්ධ වී තිබෙන බැවිණි.
රට
හැර ගොස් සිටින වෛද්‍යවරුන්ට යළි මෙරටට එන්නැයි ආයාචනා කිරීම වරදක් නොවේ.
නමුත් එවැනි ඉල්ලීමක් කරන්නට සෞඛ්‍ය ඇමැතිවරයාට සිදුවීම තුළ ‘සිඟමන්
යැදීමක්’ පෙනෙන්නට ඇතැයි කාට වුවත් සිතෙන්නට බැරි නැත. මේ රටේ නිදහස්
අධ්‍යාපනයෙන් උගත්කම් ලබා වෛද්‍ය, ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික්, රසායන, ගිණුම්
ආදි ඕනෑම තත්ත්වයේ වෘත්තිකයකුට පිටරටවලට ගොස් එහි රැකියාවල යෙදෙන්නට
කාගෙන්වත් බාධාවක් නැත. තමන් උපන් රටේ අදාළ වෘත්තියට නිසි වටිනාකමක්
නැත්නම්, එම වටිනාකම දන්නා රටවලට යාමත්, වැඩියෙන් මුදලක් හම්බකර ගැනීමත්,
වැඩිදුරටත් සිය ක්ෂේත්‍රය පිළිබඳ ඉහළට ඉගෙන ගන්නත් එම රටවලදී හැකි බව
උගතුන් දනිති.
ශ්‍රී
ලංකාවේ ජාතික අධ්‍යාපනය යටතේ ලැබෙන්නේ ඉගෙනීම පමණකි . එම අධ්‍යාපනය ලබා
ගන්නා කාලයේ දී පවා අනෙවිවිධ ගැටළුවලට මුහුණ දෙන්නට සිසුන්ට සිදුවේ. නිදහස්
අධ්‍යාපනයක් ගැන සඳහන් වන නමුත් එම නිදහස් අධ්‍යාපනය රට පුරා එක සේ බෙදා
දීමක් සිදුවන්නේ නැත. මේ නිසා වර්ජන,
තර්ජන, පිංකටින්, උද්ඝෝෂණ ආදියට ගතවන කාලය ගණනය කිරීමේ දී අධ්‍යාපනය වසර
ගණන් පසුපසට වීසි වූ අවස්ථා සොයා ගැනීම අසීරු නොවේ. අවසානයේදී වෘත්තිකයෙක්
බවට පත්වූවත් එම වෘත්තියට අදාළ වටිනාකම ලබා ගන්න තවත් සටන් කළ යුතුව ඇත.
අනතුරුව සිය වෘත්තිය හරහා ඉහළ අධ්‍යාපනයක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා ගන්නට
දේශපාලනඥයන් පසුපස ගෑටිය යුතුමය.
මෙවැනි
සංකීර්ණ ගැටළු මැද බොහෝ වෘත්තිකයන් කල්පනා කරන්නේ හැකි ඉක්මනින් පිටරටකට
පැන ගන්නට ය. ඒ සඳහා විවෘත වූ මාවත් අද බොහෝය. අන්තර්ජාලයට පිවිස තමන්
කැමැති රටක් තෝරා ගෙන සුදුසුකම්වලට අදාළ රැකියා සෙවීමේ දී දහස් ගණන් රැකියා
අවස්ථා සොයාගත හැකිය. දොස්තරවරුන් පමණක් නොව පෙදරේරුවන්ට, කරණවෑමියන්ට,
වඩුවන්ට පවා විදෙස් රැකියා අන්තර්ජාලය හරහා සොයා ගන්නට පිළිවන.
දොස්තරවරුන්
පමණක් නොව, සෙසු වෘත්තිකයන්ද රටින් පැන යාම වළක්වන්නට වෘත්තීයවේදී ජාතික
වැඩ පිළිවෙලක් අද අවශ්‍ය කෙරේ. පසුගියදා අනුරාධපුරයේ ආයුර්වේද ක්ෂේත්‍රයේ
ඉහළ නිලධාරියෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළේ තවත් ආයුර්වේද වෛද්‍යවරයෙකි.
ඊට හේතුව වශයෙන් අනාවරණය වූයේ වෘත්තියේ ජ්‍යෙෂ්ඨයකු වන තමන්ට නිසි පරිදි
උසස් වීම් නොලැබීමත්, කණිෂ්ඨයන් තමන්ට වඩා ඉහළින් පත්වීම් ලබා, තමන්ට
කෙනෙහිළි කරන බැවින් ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවයි.
මෙවැනි තත්ත්වයක් යටතේ වෘත්තිකයන්ට, ශ්‍රමිකයන්ට ඇතිවන පීඩනය සුළු පටු
නොවේ. එහි ප්‍රතිඵලය වන්නේ වෘත්තිකයන්ගෙන් පමණක් නොව ශ්‍රමිකයන්ගෙන් පවා
ප්‍රමාණවත් සේවයක් රටට නොලැබීමයි. ඒ වෙනුවට ඇත්තේ පළිගැනීමයි. රටට බොහෝ
මූල්‍යමය පාඩු සිදුවන්නේ ඒ නිසාය. මිනිසුන් රටට ආදරයක් නැති නිසාය.
වෛද්‍යවරුන්ගේ
පීඩනය සමහර විට පිටවන්නේ අසරණ රෝගීන්ගේ ජීවිත පවා අහිමි කරවමින්ය. විදෙස්
රටවල, විශේෂයෙන් බටහිර රටවලට බොහෝ වෘත්තිකයන් සංක්‍රමණය වන්නට ප්‍රධාන
හේතුව වන්නේ සිය වෘත්තීය ඔස්සේ ඉදිරියට යා හැකි ජාතික වැඩ පිළිවෙලක් එම
රටවල ක්‍රියාත්මක වීමයි. ඒ වගේම එම රටවල නීතිරීති ඉතා දැඩිය. අද ලංකාවේ
රෝහලකදී වෛද්‍යවරයෙකුගේ නොසැලකිල්ල මත රෝගියෙකුගේ සිරුරු කොටසකට හෝ
ජීවිතයකට අනතුරක් සිදු වුවහොත් එම වෛද්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක
වන්නේ නීතියක් ක්‍රියාත්මක නොවන ගාණයටය. නමුත් බටහිර රටකදී වෛද්‍යවරයෙකු
අතින් එබඳු නොසැලකිල්ලක් හෝ අතපසුවීමක් සිදුවීම දොස්තර රැකියාව සදහටම අහිමි
වීමට හේතුවක් වෙයි.
පසුගියදා
නීති ශිෂ්‍යාවකගේ වම් අත කපා දැමුණේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් බවට
තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබිණ. අත අහිමි වූ ශිෂ්‍යාවට කෘතිම අතක්
දෙන්න රජය, විපක්ෂය හා තවත් කණ්ඩායම් තරඟයට මෙන් ඉදිරිපත් වූහ. නමුත් මේ
ආකාරයට සිදුවන වැරැදි වළකා ගන්නට ගතයුතු ක්‍රියා මාර්ග මොනවාදැයි සොයා ඊට
ප්‍රතිකර්ම යෙදීමක් අප රටේ සිදුවන්නේ නැත. සිදුවන්නේ විපතට පත් පාර්ශවයට
කිසියම් වන්දියක් ලබා දී සිත් නළවා අනතුරට දිගටම වැඩෙන්නට ඉඩ හැරීමයි.
මෙවැනි තත්ත්වයක් පැවතීම තුළ දොස්තර වෘත්තීය පමණක් නොව සෙසු වෘත්තීන් හා
සේවාවන්ද පවතින්නේ ඉතා අවදානම්කාරි පසුබිමකයි. පුද්ගලික බස් ඉගිල්ලී ගොස්
මිනිස් ජීවිත බිලි ගන්නේ ඒ හේතුවෙනි. ජනතාවට අවදානම්කාරී සේවයක් නොව යහපතක්
සිදුවන සේවා ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙලක් සෑම අංශයකම ඇති වීම
වැදගත්ය. දොස්තර වෘත්තිකයන්ට මෙරටට එන්නැයි ආයාචනාය කිරීමට වඩා මෙවැනි
ජාතික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම තුළ වෘත්තිකයන් මේ රටේම රඳවාගත හැකි
වන්නේය. එවිට මිනිස් ජීවිත ද සුරක්ෂිත වනු ඇත.
No comments:
Post a Comment